
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අහේනියට පත්වූ ජනතාව හඳුනාගෙන ඔවුනට කඩිනම් සහන සැලසීම සඳහා පත් කෙරුණු සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ඉහළපෙලේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනතාවට අදාල ප්‍රතිලාභ ලබා ලබාදීම සඳහා දත්ත සංගණන කටයුතු කිරීම මෙහි අරමුණයි.
සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිදභාවයෙන් යුක්තව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගැනීම හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලේඛනයක් නිර්මාණය කිරීම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යය වී තිබේ.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම දත්ත සංගණනය සිදු කෙරෙන අතර දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක සංගණන කටයුතු අවසන් කර ඇති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණි.
එළඹෙන අඟහරුවාදා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්මේලනයේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව මෙහිදී සඳහන් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර් .එච්. එස් සමරතුංග, ලෝක බැංකුවේ මෙරට කළමනාකරු, චියෝ කන්දා (Chiyo Kanda) ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් (Richard Walker) යන මහත්ම මහත්මීහු ඇතුළු ලෝක බැංකු නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අහේනියට උත්තර හොයන මණ්ඩලය රැස් වෙයි