මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්ෂයේ සියලු පක්ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 20 March 2023
බදින තුවක්කුවට ගොදුරු වී කොස්තාපල් තුවාල ලබයි රිදීමාලියද්ද දෙහිගම පුදියංගලයාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගොස් සිටි රිදීමාලියැද්ද පොලිසියේ කොස්තාපල්වරයකු බඳින තුවක්කුවකට ගොදුරු වීමේන් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි 20 March 2023
පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. 20 March 2023
පුංචි ඡන්දෙට නම් දුන් රාජ්‍ය සේවකයන්ට සහනයක් ඉල්ලයි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ රාජ්‍ය සේවයේ තුන් දහසකට වැඩි පිරිසට සාධාරණ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කිරීමට මැදිහත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී වලේබොඩ යන මහත්වරු ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් ඉල්ලා සිටිති. 20 March 2023
ගාල්ල රැදවියෝ ඉතිහාසය අලුත් කරයි ගාල්ල බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රැඳවියන් පිරිසක් බාල දක්ෂයින් ලෙස පුහුණුකර ඔවුනට පදක්කම් සහ කරපටි පැළඳවිම බන්ධනාගාර අධිකාරි එස්.ආර්.ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර පරිශ්‍රයේදි සිදු කළේය. 20 March 2023
බලය විමධ්‍යගත කිරීමේ ආයතන ජනපතිගේ පාලනයට නතුවෙලා ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මෙම තත්වය ප්රජාතන්ත්රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය. 20 March 2023
ගමනේ අපහසුව පාඨලී දකියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකාවට බරපතලම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම රටක් වශයෙන් මහගිරිදඹ තරණය කිරීමට සූදානම් වීමක් බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 March 2023
පොලු පහරින් කාන්තාවක් මරුට වොලිබෝල් පිටියක් සම්බන්ධව ආරවුලක් දුර දිග යාමෙන් අද 20) ඇතිවු ගැටුමකින් පසු පුද්ගලයකු කාන්තාවකට එල්ල කළ පොලු පහරකින් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 20 March 2023
අපේ රෝහල රැක දෙන්න මාතලේ , ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහල රැක දෙන්නයි ඉල්ලා අද (20) රෝහල ඉදිරිපිටට රැස්වූ ගම්වාසීහු උත්ඝෝෂණයක නිතරවූහ. 20 March 2023
නාගරික සංවර්ධන අලුත් රෙගුලාසි ගැන නිලධාරීන්ට උගන්වයි නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීම ඇරැඹූ බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි. 20 March 2023
දැඩි කොන්දේසි මත ඉන්දීය ධීවරයින් 12 ට නිදහස යාපනය පේදුරුතුඩුව කොලොම්බුතුරෙයි මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් පොන්නතුරෙයි ක්‍රිෂාන්තන් මහතා නියෝග කළේය. 20 March 2023
දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 20 March 2023
මෙහෙකාරිය ස්වාමියාගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 50ක් ඇදලා අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත් මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 20 March 2023
නවසීලන්තයට ඉනිමක ජයක් ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිල ඉනිමක සහ ලකුණු 58 ක පහසු ජයක් ලැබීමට අද (20) පෙරවරුවේ සමත් විය. 20 March 2023
18 වංගුව යළි විවෘත කරයි මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කළේය. 20 March 2023
ලක්ෂ නවයක සපත්තු උස්සලා සපත්තු නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් රුපියල් නව ලක්ෂ පනස් හතර දහස් හත්සිය පනහක් වටිනා කාන්තා සපත්තු ජෝඩු 355ක් සොරකම් කළ පුද්ගලයෙකු සපත්තු සමග මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 20 March 2023
දෙපිරිසක් ගැටී පහක් රෝහලේ මාපලගම කැටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 March 2023
මෝටර් රිය පෙරැළී ගුරුවරයා මරුට පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන් ගත් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 20 March 2023
වැස්ස වැඩි වෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (20) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 March 2023
ව්‍යාපාර ලක්ෂ තුනක් මකර කටේ බැංකු පද්ධතිය මත යැපෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දස ලක්ෂයකගෙන් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ ව්‍යාපාර වැසී ගොස් හෝ වැසී යාමට ආසන්නයේ පවතින බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික අනුකාරක සභාවේ දෙවැනි වාර්තාවේ සඳහන් වේ. 20 March 2023
ඩොලර් අර්බුදය අවසන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 19 March 2023
වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 19 March 2023
අර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියි අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2023
වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූයේ යැයිද තමාගේ ද උත්සාහය වන්නේ පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 March 2023
එංගලන්තයේ නීතිඥ සංගමයෙන් ලිපියක් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකදී ප්‍රශ්න කිරීමට අවසර ලබා දීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 19 March 2023
ට්‍රිපල් ෆොස්ෆේට් බෙදන්න දෙයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ලබාදුන් ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ටොන් 36000 ක් දිවයින පුරා සිටින වී ගොවීන් හට කඩිනමින් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වෙත අද (19) නිල වශයෙන් භාර දෙන ලදි. 19 March 2023
සංචාරකයන් දිය නාද්දී කිඹුලෙක් කඩා පනී අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි. 19 March 2023
පශු සම්පත් නංවන්න ඉන්දියාව අත දෙයි බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 19 March 2023
ගුවන්තොටුපොළ භූමියේ වෙනසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 19 March 2023
සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ. 19 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026