
(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට..)
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර, ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා අද (19) රාත්රී ඉන්දියාව බලා පිටත්ව එන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය උසස් නිලධාරියෙක් පැවැසීය.
ශ්රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය සහ ශ්රී ලංකා ක්රිකට් නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාව වට කීපයකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ද කී එම නිලධාරියා අද රාත්රී පිටත්ව යාමට සූදානම් වන ලෙස එම ක්රීඩකයන් දෙදෙනාටම දැනුම්දී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වරදිනකොට මතක් වුණා එහෙනම්... ලංකාවේ ටීම් එකට සිලෙක්ට් කරන කොට ක්රිකට් බලන කීප දෙනෙකුත් නියෝජනය විය යුතුයි. නොඑසේනම් ඔන්ලයින් ජනතාවගෙනුත් අදහස් ගත යුතුයි. ලංකාවේ හොඳම ඇවරේජ් තියෙන අය ගන්න ඕනෑ. ඉන්දීය පිටියේ හොඳම ඇවරේජ් තියෙන අය තෝරගන්න ඕනෑ.
මැතිව්ස්ව එවන්න තිබ්බේ කළින්...!
ලෙඩ්ඩු කවදාද ලොකු මැච් ගැහැව්වේ ? හැබැයි ඇෆ්ගනිස්ථානෙට පැරදිලා කටුනායකින් ලංකාවට එනවාඑම නොවෙයි,අශුචි වලින් නාවනවා.
මැතිව්ස් යනු ලෙඩ ගොඩකි ,කලින් යැව්වා නම් මෙලහකට ගෙදර
ඔය දෙන්නා ඉතිරි මැච් හයටම ගස්සන්න ඕනේ... ළහිරු කුමාර ආපහු ගෙන්න ගත්තාට කමක් නෑ. මැතිව්ස්, චමීර හිටියොත් එංගලන්තේ, නවසීලන්තේ දෙකටම ගහගන්න පුළුවන්...!
ඒ අයට හොඳ අත්දැකීම් තියෙනවා.
හරියට සුව නැත්තම්, අනෙක form එකෙත් නැති එකේ, බොරුවට දසුන් ඉන්දියාවට වෙලා ඉන්නවා tournament එක ඉවර වෙනකන්. එක තමයි ශ්රීලංකා Cricket ප්රතිපත්තිය. රටේ සල්ලි නාස්ති වීම සහ කිරීම දැන් ජොලියක් වෙලා තියෙන්නේ. Facebook කාරයෝ රට හදන්නෙත් නැහැ, පාර්ලිමේන්තුවේ එවුන් මේක හදන්නෙත් නැහැ.
මේ දෙන්නත් හරි දිනේෂ් චන්දිමාලුත් ඉන්න ඕනේ කෙනෙක්.