(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළමුවන සහ දෙවන ලෝක සංග්‍රමයන්හි දී මෙන්ම පසුගිය තිස් වසරක පැවති යුද ගැටුම්වලදී දිවි දුන්  රණවිරුවන් අණුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන  පොපි සැමරුම නිමිත්තෙන්  කථානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාට පොපි මල් පැළැඳවීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය. 

මෙමගින් ලැබෙන ආදායම විශ්‍රාමික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු සදහා වැය කරනු ලබයි.

​මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මහලේකම් කුශානී රෝහණදීර, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, භාණ්ඩාගාරික මේජර් ශාන්ති ලාල් කන්කානම්ගේ, සන්නද්ධ හමුදා අණුස්මරණ පොපි කමිටු සභාපති බ්‍රිගේඩියර් හේමන්ත ලියනගේ මහත්ම මහත්මීහු ද  සහභාගී වූහ.