(ලක්මි කුඩලිගම)

හෙරොයින් මිලිග්‍රෑම් හැටක් සන්තකයේ සඟවාගන සිටි සිවුරක් දරාගත් අයකු අද (19) සවස මතුගම නගරයේදී අත් අඩංගුවට ගත් බව මතුගම පොලීසිය කියයි.

උතුරු කළුතර වස්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින  බව කියන 24 හැවිරිදි අයකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව කියන මෙම අය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිකිරිමට කටයුතු කරන බව මතුගම පොලිසිය කියයි .