(අංජුල මහික වීරරත්න)
ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය.
මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රටේ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසුගිය කාලයේ ගසා තීරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සියලුම ඉන්ධන වර්ගවල මිල යලිත් 4%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හිතෙනවා ඇති හෙජින් ක්‍රමය තිබුණා නම් හොඳයි කියලා නේද කියලා චානක මහත්තයෝ...?
වසරකට ඩොලර් මිලියන 500ක් ඉතිරි වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නකෝ?
සිනොපෙක් තියනවා නම් උන්නැහේ... මොකද ලබන වසරේ ජුනි වෙනකල් විතරක් කතා කරන්නේ... දිගටම තියෙන්න එපැයි. මොකද සිනොපෙක් යනවාද එතකොට... නැතිනම් අලුත් නැටුමක් නටනවාද? තව ගානක් හොයාගන්න. හොර හැත්ත...!
අනේ පලයන් බන් යන්න.ගොන් නාම්බා.තොපි ඔක්කොටම ඉන්ධන ඕන තරම් නිකන්ම හම්බ වෙනවානේ .තොපිට කොච්චර මිල වැඩි කරත් දැනෙන්නේ නෑ .බූරුවා
ටෙන්ඩර දුන්නාම මෙහේ තෙල් උනනවාද? ගොං කතා කියන්න එපා....!