(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අද පොලිස්පති සති දෙකෙන් තුනට පත් කරන්නේ ෆෝන් එකට රීලෝඩ් දාන ආකාරය යැයි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(19) පැවසීය.
පොලිස්පතිවරයාගේ සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇති හෙයින් පසුගිය 9 වැනිදායින් පසු ශ්‍රී ලංකාවේ පොලිස්පති වරයා කවුදැයි ඔහු කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා දුන් සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
පොලිස්පතිගේ සේවා දීර්ඝය අවසන් වුණා. ඔහුට සේවා දීර්ඝය ක් දෙන්න ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක අනුමත කළේ නැහැ. එතකොට දැන් අපේ රටේ පොලිස්පති වරයා කවුද. ඔක්තෝබර් 9 වැනිදායින් පසු ඔහුගේ දෙවැනි රීලෝඩ් එකත් අවසන් වුණා.
දැන් කවුද අපේ රටේ පොලිස්පති. ප්දැන් ඇමතිතුමා නියෝග නිකුත් කරන්නේ කවර පොලිස්පතිවරයාටද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති කෙනෙක් පත් කරගන්න බැරි ආණ්ඩුව? අනික් දේවල් ගැන කවර කතාද? ආණ්ඩුව කියන පදේට නටන රූකඩයක් වුණා නම් වැඩේ ගොඩ....!
ස්වාධීන කොමිෂන් සභා වැනි ව්‍යවස්ථා විහිළුවලට මිනිස්සු අන්දපු ජේවීපියට දැන් තමන්ගේම ක්‍රියා පාරා වළල්ලක් වීම උත්ප්‍රාසජනකයි...!
පොලිස්පති පත් කිරීම පිළිබඳව නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 අ ව්‍යවස්ථාව ඇතුළතයි. 41 අ (1) අනු ව්‍යවස්ථාවෙහි සඳහන් ප්‍රකාරව එහි I වන උප ලේඛනයෙහි සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින්ද II වන උපලේඛනයේ I වන කොටසෙහි සහ II වන කොටසෙහි සඳහන් ධුර සඳහා පත්කළ යුතු තැනැත්තන් ද ජනාධිපතිවරයා විසින් පත් කළයුතු බව ද ඒ පත්කළ යුතු ආකාරය ද මෙකී ව්‍යවස්ථාවෙන් පනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකී 41අ ව්‍යවස්ථාවේ 8 වන අනු ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) ඡේදයේ පහත පරිදි ව්‍යවස්ථා කර ඇත. "8.(අ) ජනාධිපතිවරයයා විසින් (1) අනු ව්‍යවස්ථාව යටතේ සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී ඔහු විසින් එකී පත් කිරීම් සඳහා යෝජනා කරනු ලැබූ තැනැත්තන් පිළිබඳ සභාවේ නිරීක්ෂණ, එකී නිරීක්ෂණ ඉල්ලා සිටීමේ දින සිට සතියක කාලපරිච්ඡේදයක් තුළ කථානායකවරයා මගින් ඔහුට එවන ලෙස ජනාධිපතිවරයා විසින් සභාවය නියම කරනු ලැබිය යුත්තේ ය." "(ආ) සභාව විසින් එකී නිරීක්ෂණ (අ) ඡේදයේ නිෂ්චිතව සඳහන් කරනු ලැබූ කාලය තුළ ජනාධිපතිවරයාට දැක්වීම පැහැර හැරියහොත්, ජනාධිපතිවරයා විසින් වහාම එකී පත්වීම් සිදු කිරීමට කටයුතු කළ යුතුය.
ජනාධිපතිවරයාගේ යෝජනාව සහ ඉල්ලීමට අනුව සතියක් ඇතුළත නිරීක්ෂණය නොකළහොත්, නිරීක්ෂණය පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය අනුව තත් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධුර සඳහා තැනැත්තන් පත් කිරීමේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත.
ආණ්ඩුව කැමතිම කෙනෙක් ඉන්නවා පොලිස්පති කමට. ඒක කොහොමහරි දෙන්න තමයි ඔය බලබල ඉන්නෙ.
නිරීක්ෂණය නො කළහොත්, නිරීක්ෂණය පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය අනුව තත් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධුර සඳහා තැනැත්තන් පත් කිරීමේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත.
සම්බන්ධව ප්‍රතිකර්ම සහ ප්‍රශ්න කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වා නැත. මෙය කෙතරම් බලපතල කාරණයක් ද යන්න පැහැදිළි වීමට, 41අ (1) අනු ව්‍යවස්ථාවේ I වන උපලේඛනයෙහි කොමිෂන් සභා සහ II වන උපලේඛනයෙහි I වන කොටසෙහි සහ II වන කොටසෙහි පනවා ඇති ධූර පහත දක්වමු. I වන උපලේඛනය 1.මැතිවරණ කොමිෂන් සභාව. 2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව. 3. ජාතික පොලිස් කොමිෂන් සභාව. 4.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. 5. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව. 6. මුදල් කොමිෂන් සභාව. 7. සීමා නිර්ණය කොමිෂන් සභාව. II වන උපලේඛනයෙහි I වන කොටස:- 1.අග්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් 2.අභියාචනාධිකරනයේ සභාපති සහ විනිශ්චයකාරවරයන් 3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් II වන කොටස:- 1.නීතිපතිවරයා. 2. විගණකාධිපතිවරයා. 3. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්). 4.පාර්ලිමේන්තු මහ ලේකම්වරයා 5.පොලිස්පතිවරයා. මෙහි I වන සහ II වන උපලේඛනයන්හි සඳහන් සභාපතිවරුන්, සාමාජිකයන්, සහ ධූර පත් කිරීමේදී පාර්ලිමේන්තු සභාව (ව්‍යවස්ථාදායක සභාව)
විසින් ජනාධිපතිවරයාගේ යෝජනාව සහ ඉල්ලීමට අනුව සතියක් ඇතුලත නිරීක්ෂණය නො කළහොත්, නිරීක්ෂණය පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය අනුව තත් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධුර සඳහා තැනැත්තන් පත් කිරීමේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත