
( එම්.කේ.නන්දසේන. )
එකම අංකය දැක්වෙන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 05 ක් සමග සැකකරුවකු කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලීසිය වෙත භාර දී තිබෙි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පසුගිය වසරේදී ද ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් හා පින්ටරයක් සමග අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු වන අතර මොහු බෙරලිහෙල කුඩාගම්මාන 3 විදුහලේ රසායනාගාර නිළධාරි යෙකු ලෙස සේවයකොට ඇති අයෙකු බවත් පසුව මෙම සිද්ධිය හේතුවෙන් වැඩ තහනමට ලක්ව ඇති බවත් තිස්සමහාරාම පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd