(සනත් ගමගේ)
තිස්සමහාරාම කිරින්ද පුස්තොල මුල්ල ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා දෙබරවැව රජයේ රෝහලට කර ඇති බව කිරින් ද පොලිසිය කියයි.
මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ දකුණු රණකෙලිය යෝධකණ්ඩිය පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
බෙහෙත් කොටන තුවක්කුවකින් තැබූ වෙඩි පහර අතේ අල්ල ප්‍රදේශය සිදු වූ තුවාල මත තුවාලකරු රෝහල් ගත කර ඇත.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර අදාළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd