( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාදම්පේ තඹගල්ල ප්‍රදේශයෙ ව්‍යාපාරිකයකුගෙ නිවසට කඩා වැදුණ තියුණු ආයුධ සහිතව සිටි සොරුන් පිරිසක් එම නිවසේ හිමිකරුවන් කාමරයක සිර කර දමා රුපියල් ලක්ෂ 200 කට ආසන්න මුදල් හා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
ඊයේ (18 ) රාත්‍රි 7 ට පමණ වැන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් කඩු හා තියුණු ආයුධ වලින් සන්නද්ධව පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බව කියයි.
කොල්ලකරුවන් විසින් මෙම තඹගල්ල ප්‍රදේශයෙ අදාල නිවසේ කාමර දෙකක් තුළ තිබු ලක්ෂ අනු තුනකට ආසන්න මුදලක් සමග රන් පවුම් 35 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ කොල්ලකා පලා ගොස් ඇති බව කියයි.
අදාල සිද්දියට මුහුන පෑ තඹගල්ල නිවසේ හිමිකරුවන් පොල් ව්‍යාපාරීකයින් බවත් ඒ සමගම තවත් කිසියම් ව්‍යාපාර නිරත වන බවද පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.
කාමරයෙ සිර කර සිටි නිවැසියන් දොරවල් කඩා එළියට පැමිණ ඇති බවත් ඉන් පසුව මාදම්පේ පොලිසියට පැමිනිලි කිරීමට කටයුතු කර තිබු බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගෙදර කාගේවත් අතේ ජංගම දුරකථනයක් තිබුනේ නැද්ද පොලිසියට කෝල් කරන්න.