(යොහාන් භාසුර )

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 17 වැනි තරගය ලෙස පූනේහිදී අද (19) පැවැති තරගයේදී ඉන්දීය පිල කඩුලු 7 කින් බංග්ලාදේශය පරාජය කරමින් පිට පිටම සිව්වැනි  ජය ජය ලැබීමට සමත් විය.

ඉන්දීය පිතිකරුවෝ ලකුණු 257ක ඉලක්කය ඕවර 41.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50  යෙදී කඩුලු 8  ට 256

(ටන්ෂීඩ් හසන් 51, ලින්ටන් දාස් 66, මුෂ්ෆිකුර් රහීම් 38, මහුමුදුල්ලා 46, ජස්ප්‍රිට් බුම්රා 41/2, මොහොමඩ් සිරාජ් 60/2, රවීන්ද්‍ර ජඩේජා 38/2)

ඉන්දීය පිල ඕවර 41.3 කදී කඩුලු 3 ට 261
(රෝහිත් ශර්මා 48, ෂුබ්මන් ගිල් 53, විරාට් කෝලි නොදැවී 103, කේ. එල්. රාහුල් නොදැවී 34, මෙහෙදි හසන් මිරාෂ් 47/2)