(සුජිත් හේවාජුලිගේ)
තමා අසන ප්‍රශ්නවලට ඇමතිවරුන් පිළිතුරු නොදෙන්නේ නම් සදහටම පාර්ලිමේන්තු නෑවිත් සිටින්නම් යැයි කතානායකවරයාට දැනුම් දෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය
"එතකොට අපි එළියට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ" යැයිද ඔහු කීවේය.
තමා මේ ප්රශ්නය ඇසුවේ සති කිහිපයකට පෙර බවත් ප්‍රශ්නයට පිළිතුරු දෙන ලෙස කතානායක දිගින් දිගටම පැවසුවත් ඔහු පිළිතුරුදීම මගහැරි බවත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
මේ අවස්ථාවේදී තමා හඬ නැගුවේ ඒ අසාධාරණයට එරෙහිව බව පැවසූ මන්ත්‍රීවරයා කතානායකවරයා විනය පියවර ගත යුත්තේ තමාට නොව පිළිතුරු නොදුන් ඇමැතිවරයාට බවද සදහන් කළේය.
තමා විනය ගරුක මන්ත්‍රීවරයකු බවත් කලබල කරන මන්ත්‍රීවරයකු නොවන බවත් ඔහු කීවේය.
පාර්ලිමේන්තුවේ ගරුත්වය නැති වෙන්නේ සෙන්කෝලයට අත තැබීම නිසා නොව ප්‍රශ්නවලට උත්තර නොදෙන ඇමැතිවරුන් නිසා බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
තමා සම්බන්ධයෙන් ගත් තීරණය ගැන සතුටක් නැතැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100% ක් ඇත්ත කතාවක්...!
උගතුන් බුද්ධිමතුන් අනන්තවත් සිටියදී ඔවුන් ගැන නොසලකා උගත්කම නැතුව සිටි පාක්ෂිකයන්ට රැකියා දීමට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුනේ උගතුන් බුද්ධිමතුන් ඔවුන්ට නොදිරවන නිසා තමයි මංත්‍රිතුමා ඉතින් එහෙම ආණ්ඩුවක රියදුරු වෙනස්වුනා කියලා ප්‍රතිපත්ති වෙනස්වෙන්නෙ නැහැ හරියට කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි මැකෙන්නේ නැහැ වගේ තමයි... ඔබතුමා උගතෙක්, බුද්ධිමතෙක් නිසා ඔහොම කරන්න ඇති මන්ත්‍රිතුමා ඉවසමනා දහස් වටී... ඔබතුමාට ජයවේවා..! තෙරුවන් සරණයි...!
ඔබත් ජනතා මනාපය මදි නිසා කොහොමත් පාර්ලිමේන්තු එන්න බැරිවුන කෙනෙක්... රන්ජන් හිරේ ගිය නිසායි ඔබත් පාර්ලිමේන්තු ආවේ. ඒ නිසා ආපහු රන්ජන්ට පාර්ලිමේන්තු අසුනයි, ඔහු හිටපු මාදිවෙල මන්ත්‍රී නිල නිවසයි දීලා සදහටම ආපහු පාර්ලිමේන්තු එන්නේ නැතුව ඉන්න... එතකොට හරි... ඔය කියන දේ කරන්න පුළුවන්...!