(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයි.එම්.එෆ් කිව්ව පලියට ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර තිබෙන බව කී දසනායක මහතා ආණ්ඩුව එක ගල් අරක්කු බෝතලේකින් රුපියල් 2000 ක ලාභයක් ලබන බව සඳහන් කළේය.
එතරම් මිලක් දී ජනතාව කසිප්පු බොන්නේ නැතැයි කී දසනායක මහතා මිනිසුන් දැන් කසිප්පු වලට ඇබ්බැහි වී තිබෙන බව සඳහන් කළේය.
වතුකරයේ කසිප්පු පෙරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ද අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බවත්, කසිප්පුවල පිහිටෙන් ඡන්දය දිනපු අය ඉන්නා බවත් අයි.එම්.එෆ්. එකට කීවොත්, ගංජා-කසිප්පු ප්‍රවර්ධන ඇමැතිකමක් හදන්න නිර්දේශ කර ආධාර දෙයි. අපේ රටේ මිනිසුන් ගංජාකාරයින් හෝ කසිප්පුකාරයින් ගණයට වැටෙන කොට කාටද ආඩම්බර...?
IMF පමණක් නොවෙයි, රජයත් හොඳින් තේරුම් ගතයුතුයි. ඕනෑම භාණ්ඩයක මිල වැඩි වෙනකොට පාරිභෝගිකයින් විකල්ප සොයනවා පමණක් නොවෙයි, පරිභෝජනය ද අඩු කරනවා. විදුලි ගාස්තුවට ද වෙන්නේ ඒකයි. ගාස්තු වැඩිකිරීමෙන් කිසි දිනෙක විදුලි බල මණ්ඩලය ගොඩ ගන්න බෑ...!