රජයේ වැඩකට විපක්ෂය අත ගසයි වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 September 2023
ගොවීන්ට ’’මොඩ්’’ වෙන්න උගන්වයි ගොවීන්ට අලුත් තාක්ෂණය,වෙළෙඳපොළ සහ අගය එකතු කිරීම ගැන උගන්වන වැඩසටහනක් ඇරැඹු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 04 September 2023
අලුත් රජෙක් ලබන වසරේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය. 04 September 2023
මනෝ උපදේශිකාවගේ සිරුර හෝටල් කාමරයේ තලංගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තුළ තිබී ගෙලකපා ඝාතනය කළ බවට සැකකරන මනෝවිද්‍යා උපදේශකවරියකගේ මලසිරුරක් අද (4) දහවල් සොයාගත් බව තලංගම පොලිසිය කියයි. 04 September 2023
දඩයමේ ගිය කෝටිපතියෝ මාට්ටු මුවකු වෙඩි තබා මරා මහකුඹුක්කඩවල කැබ් රථයකින් රැගෙන යමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හා තවත් සැකකරුවන් දෙදෙනකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය පතොරම් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි. 04 September 2023
ගිනි අවිය සමග කඳවුරෙන් පැන්න සෙබළා අත්අඩංගුවට පලෙයි අයිය කච්චි පලමුවන යාන්ත්‍රීක බලඇණියට අනුයුක්තව සේවය කරමින් සිටි හමුදා සෙබලෙකු රාජකාරි ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් උරයක දමාගෙන කඳවුරෙන් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පළ පොලිසිය පවසයි. 04 September 2023
තල් අරණෙන් ’’තල් වයින්’’ තල් ගෙඩියේ සාරයෙන් ප්‍රණීත තල් වයින් නිෂ්පාදනය තල් සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා ප්‍රථම වරට ආරම්භ කරනු ලැබීය. 04 September 2023
ඉන්දීය ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ. 04 September 2023
කොරියා තානාපතිනිය රුවන් හමුවෙයි ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. 04 September 2023
පවුල් 28ක පුද්ගලයන් 98ක් වැසි ආපදාවලින් අමාරුවේ රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 28 ක පුද්ගලයින් 98 ක් අද (4) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 04 September 2023
පළමු මාස 8දී ලක්ෂ 2ක් විදේශ රැකියාවට යති මෙම වසරේ පළමු මාස අට තුළ ශ්‍රී ලාංකකියන් ලක්ෂ 2 කට අධික සංඛ්‍යාවක් විදේශගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශය පැවසීය. 04 September 2023
ලක් ගෘහ සේවිකාව ලොකුම වන්දියත් අරන් එයි තම ජීවිතයට සිදු වූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගත් ශ්‍රී ලාංකික තරුණිය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (03) උදෑසන පැමිණ තිබුණි. 04 September 2023
ලිට්රෝ ගෑස් මිලත් ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 September 2023
වෙළෙන්දෝ ගෑස් සඟවලා වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් ගෑස් වෙළෙන්දන් ගෑස් සඟවා ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 04 September 2023
පිටිගල තිදරු පියකු කෙසෙල් හේනක මැරිලා පිටිගල් තල්ගස්පේ නිවසක් පිටුපස කෙසෙල් කොරටුවක් තුළ අභිරහස් ලෙස මියගිය පොතුවිල්හේනේ පදිංචි තිදරුපියකුගේ සිරුර අද(4) උදේ සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 04 September 2023
පිපාසයට දිය සොයා පැමිණි අලියා මඩේ එරිලා වවුනියාව මාමඩුව ප්‍රදේශයේ මඩ වළක එරී සිටි වයස අවුරුදු 05 ක් පමණ වන වන අලියකු මුදවා ගැනීම සදහා වවුනියාව වනජීවි නිළධාරීහු දැඩි වෙහෙසක් ගනිති. 04 September 2023
රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසීය. 04 September 2023
බංග්ලාදේශය ලකුණු 89 කින් ඇෆ්ගනිස්ථානය පරදවයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ලාහෝර්හිදී අද (3) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) බංග්ලාදේශ පිල ලකුණු 89 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය. 04 September 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2023
වැලිවේරියේ වෙඩි තැබීමට සංගීත කණ්ඩායමක සාමාජිකයකු අල්ලයි වැලිවේරිය ඉකුත් මස 5 වෙනි දින මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 04 September 2023
පොලිස් ධජවලට සෙත් පතති 157 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් ධජවලට ආශිර්වාද කිරිමේ පුණ්‍යෝත්සවය අනුරාධපුර පිහිටි ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියසදී හා රුවන්මැලි සෑරදුන් අභියසදී අද පස්වරුවේ කෙරිණි. 03 September 2023
නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනි අවියෙන් මිනී මරලා මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අණාවරණය වි ඇත. 03 September 2023
කල්මුණේ අශ්රෆ් රෝහල පිටුපස අමු අපායක් අම්පාර කල්මුනේ අශ්රෆ් රෝහල පිටුපස ඇති ඇළ දැඩි ලෙස අපිරිසිදු විම නිසා එම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බව ප්රදේශවාසිහු පවසති. 03 September 2023
වෙනසකට සැරසි ශ්‍රීලනීප 72 සමරයි ‘‘එක්වෙමු වෙනසකට සැරසෙමු‘‘ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල් උත්සව ශාලාවේ දී අද සවස පැවැත්විණි. 03 September 2023
ලංවිමට අයත් විදුලි රැහැන් ළග තියාගත් කෝටිපතියා රිමාන්ඩ් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් තොගයක් නීති විරෝධි ලෙස සන්තකයෙ තබා ගැනිම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධව කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුන කෝටිපති ව්‍යාපාරිකයකු අනිද්දා (5) දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා නියෝග කර තිබුණි 03 September 2023
වාහන 15 ක් හප්පා පලාගිය රියැදුරුට පොලිසියේදි පෙරළගෙන පහර දෙද්දි අහසට වෙඩි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන පහලොවක් පමණ හප්පා පලා යමින් සිටි රියදුරෙකු පසු පස හඹා පැමිණි පිරිසක් අද (03) රාත්‍රි එම රියදුරුට අතුරැගිරිය පොලිස් ස්ථානය තුලදී බිම පෙරලගෙන පහර දීම නිසාවෙන් ඇති වූ උණුසුම් තත්වය අහසට වෙඩි තබා පාලනය කිරීමට කටයුතු කල බව අතුරැගිරිය පොලිසිය පවසයි 03 September 2023
ජනපති මහ සමුළු දෙකකට එතෙර යයි ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 පෙරවරුවේ දිවයිනෙන් බැහැර යයි. 03 September 2023
සූර්වී පදවා අයෙක් බිලිගනී: හයක් රෝහලේ ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ දී (3) පස්වරුවේ මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් 73 හැවැරිදි පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. 03 September 2023
අත්තනගලු ඔයේ වතුර වැඩියි: පරිස්සමෙන් වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සැලකිලිමත්විය යුතු තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි ගම්පහ කාර්යාලය සදහන් කරයි. 03 September 2023
හෝමාගම කටුවානේ ඇල වේල්ලක පුළුන් කන්දක් හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක දින පහක පමණ සිට සුදුපැහැති විශාල ප්‍රමාණයේ හදුනා නොගත් පුලුන් රොදක් වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති . 03 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026