
( රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
උතුරු පලාතේ හර්තාලයට උතුරේ වෙළඳසංගමය විසින් සහය දැක්වීම හේතුවෙන් අද (20) වෙළඳසැල් සියල්ලක් වසා දැමීමට පියවර ගෙන තිබේ.
නමුත් රාජ්‍ය අංශ හා පාසල් කටයුතු මෙන්ම ගමනාගමන කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවෙයි.
මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතාට ජීවිත තර්ජන ඇතැයි පවසා මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගතවීම සම්භන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකොට වරදකරුවන්ට නීතිය කරන ලෙස ඉල්ලා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් මෙම හර්තාලය සංවිධානය කොට තිබුණි.
එමෙන්ම අධිකරණ කටයුතු වලදීද මහෙස්ත්‍රාත්වරුන් සේවයට වාර්ථාකොට තිබූ අතර නීතික්ඥවරුන් පමණක් සේවයෙන් ඉවත්ව තිබුණි.
කෙසේ වෙතත් අද දින සංවිධානය කර තිබූ හර්තාලය වෙනුවෙන් වෙළඳ සංගමයන් හා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමය පමණක් සෘජුව සහය දී තිබුණි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරේ හර්තාල්
රංබොඩ Friday, 20 October 2023 10:50 AM
ඔය කාගෙ කාගෙත් කිල්ලෝට ටිකක් බැලුව නම් අඩියෙම හීනියට ඉතිරිවෙලා තියෙනවා නරක් වෙලා පුස් කාපු ඊලම.
චන්දන Friday, 20 October 2023 12:06 PM
ඊලාම් හෙවනැලි තවම තියෙනවා ....