IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චීන උප අගමැතිගෙනුත් ජනපතිට සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් - සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව  ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත් එසේම චීනය සෑමවිටම   ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බීජිං නුවරදී පැවැත්වුණු අවස්ථාවේදී  චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව  පැවසූ චීන උප අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූයේ ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවයි.බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

චීන උප අගමැතිගෙනුත් ජනපතිට සහතිකයක්

අරවින්ද මොනරවිල Friday, 20 October 2023 11:06 AM

එක් අතකින් චීන දේශපාලන, ආර්ථීක හා යුද උපායමාර්ගයට රටේ දකුණ දිසාව යටත් කරන ගමන් අනිත් පැත්තෙන් ඇමරිකන්, ඉන්දීය, දේශපාලන ආර්ථික හා යුද උපාය මාර්ගයට රට කරමින් මේ රට එහි සැබෑ හිමිකරුවන්ට අහිමි කරමින් තම මඩිය තරකර ගන්න උත්සහ කරන මේ අය නම් රටේ පාලකයෝ නොවෙයි, ද්‍රෝහියෝ...!

:       8       5

Rata Perata Friday, 20 October 2023 12:23 PM

තවමත් පක්ෂ, පාට බලලා මේ දේශපාලුවන්ට පක්ෂව අදහස් දාන අය ජාති ද්‍රෝහියෝ... හිටපු අය සහ දැන් ඉන්න අය... ඔක්කෝම රටේ ආර්ථිකය, ජනජීවිතය නැතිම කරලා දැම්මා. මේ මනුස්සයා දැන් කරන්නේ රට විකුණන්න වැඩ කරන එක..

:       2       3

බද්රානි Friday, 20 October 2023 03:31 PM

සිංහල මෝඩයින්ව ඇන්දුවාම, ඕනෑ දෙයක් කරගන්න පුළුවන් චීන මහත්තයෝ... ගරු, නම්බු, පුහු තාන්න මාන්න හා වාහන්ව‍ලට පුදුම කෑදර කමක් තියන මේ ලෝකේ බදාගෙන ඉන්න බහිරවයින් තමයි ලංකාවේ ඉන්නේ... අනික ලංකාවේ මෝඩයින් රටට වඩා දේශපාලන පක්ෂ වලටයි සේවය කරන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site