දමිළ සිනමාවේ සුපිරි තරුව, තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ අද (20) ඉන්දියාවේ පමණක් නොව, රටවල් රැසක ද තිරගතවීම් ආරම්භ කරයි.
අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු ජනප්‍රිය දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිති.
ඊට අමතරව, ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන හරහා අතිශය ජනප්‍රිය වුණු සුරුපිනී ජනනි කුනසීලාන් ද ‘ලියෝ’ චිත්‍රපටයට එක් වි සිටින්නීය.
ජනනි යාපනයේ උපන්, මාධ්‍යවේදිනියක ලෙස කලක් රැකියාව කළ තරුණියකි.
‘ලියෝ’ චිත්‍රපටයට ජනනි තෝරා ගැනීම සිදුවී ඇත්තේ ද ‘බිග් බොස් 6’ රියැලිටි වැඩසටහන හරහා ලැබුණු ජනප්‍රියත්වය නිසා යැයි ද පැවැසෙයි.
‘ලියෝ’ තම පළමු චිත්‍රපටය බවත්, පළමු චිත්‍රපටයේ සුපිරි නළු විජේ සමඟ රගපාන්න ලැබීම ගැන ආඩම්බර වන බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනනි පවසා ඇත.
‘ලියෝ’ චිත්‍රපටයට තමන් තෝරා ගැනීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ට ස්තුති කරන බවත් ජනනි පවසා තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාවේ සුරූපිනියක් ‘ලියෝ’ චිත්‍රපටයේ