IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කතානායකගෙන් විජේදාස-අලූත්ගමගේ ගැන දැඩි ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි   සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය.

මන්ත්‍රීවරුන් දෙදෙනා ගේ ප්‍රකාශ හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.

කතානායක වරයා මෙසේ පැවසුවේ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමිනි.



අදහස් (6)

කතානායකගෙන් විජේදාස-අලූත්ගමගේ ගැන දැඩි ප්‍රකාශයක්

Rasi Friday, 20 October 2023 12:22 PM

ඕවා එච්චර ගණන් ගත යුතු දේවල් නෙවෙයි. දැනට අවුරුද්දකට විතර ඉස්සර අපේ අය ජනාධිපති මන්දිරෙත් වටකරා... වෙච්චි දෙයක් නැහැ.

:       15       15

Rata Perata Friday, 20 October 2023 12:31 PM

චොකෝ කරන වැඩ තමයි, සදාචාර විරෝධී... කොහොම වුණත් හොඳ අදහසක් දීලා තියෙන්නේ ජනතාවට. ජනතාව එනවා කියනකොට මේ අයට මුත්‍රාත් යනවා. ඔය පාර්ලිමේන්තු පෙට්ටිය ඇතුලේ නම් මහ ලොකු වීරයෝ..!

:       0       25

C.K.Lankaputhra Friday, 20 October 2023 01:15 PM

අනේ අනේ මේ, අපි මී හරක් කියලා හිතාගෙනද අපේ නහය විදින්න හදන්නේ...? එවුවා හඳේ... හිතනවා ඇති ඔයාලා ඔහොම කිවුවාම අපි ඔහෙලට ඡන්දෙ දෙයි කියලා. ඔයාලා ඔක්කොම එක වල්ලේ පොල්...

:       0       19

de silva berlin Friday, 20 October 2023 02:41 PM

මගේ දේශපාලන කියවීම -විජේදාස යනු රාජපක්ෂලාගේ ආරක්ෂකයෙකි ඔහු උඩින් රාජපක්ෂලා සමග තරහ පෙන්නුවත් යටින් රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඇප කැපවී සිටි , තව අවුරුද්දක් යනකොට ආණ්ඩු පෙරලියක් වෙන බව විජේදාස දන්නවා , ඔහු දැන් සිටම ක්‍රියාත්මක වෙන්නේ , ටිකෙන් ටික විරුද්ධ පක්ෂෙට සෙට් වෙලා නැවත බලයට එන්න , නමුත් දේශපාලනය කෙසේවෙතත් ලංකාවේ අල්ලස් සහ දුෂණ කොමිසම යනු ඉතා දුෂිත අකාර්යක්ෂම කොමිසමක් බව සියලු දෙනාම දන්නා කාරණයකි , මේක හරියට ක්‍රියාත්මක උන නම් ලංකාවේ මෙතරම් අල්ලස සහ දුෂණය ක්‍රියාත්මක වෙන්නේ නැත

:       0       12

ravin Friday, 20 October 2023 02:46 PM

ජනතාවගෙන් ඉල්ලන්න උන් කවුද ? කෙසේවෙතත් ජනතාව කැති පොලු ,මිනීකන බල්ලෝ තියාගෙන බලාගෙන ඉන්නවා ඔය අසික්කිත ගස් බල්ලෝ 225 පාරේදී අහුවෙන දවස එනකම්.

:       0       9

අරවින්ද මොනරවිල Friday, 20 October 2023 05:54 PM

225 න් බහුතරයකගේ ගෙවල් වටලනවා දැන්ම නොවෙයි... සූදානම් වෙලා හිටපල්ලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site