( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ පිහිටි වෙළෙඳසැලක ක්‍රියාත්මක කර තිබු ජෙනරේටර් යන්ත්‍රයක දුම් ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසු තත්ත්වයෙන් පසු වු තරුණියන් ඇතුළු පුද්ගලයන් 10 ක් ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරනු ලැබු බව තලවකැලේ පොලීසිය පවසයි.
එම වෙළෙඳසැලේ තරුණ සේවිකාවන් නව දෙනෙකු හා පිරිමි සේවකයෙකු මෙසේ රෝහල් ගත කොට තිබේ.
විදුලිය බලය විසන්ධිව තිබියදි එම වෙළෙඳසැලේ ජෙනරේටර් යන්ත්‍රය ක්‍රියාත්මක කොට ඇති අතර, එම ජෙනරේටර් යන්ත්‍ර සවි කොට තිබු බිම් මහලේ ආහාර ගැනීමට ගිය සේවකයින් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරය වී ඇත.
හුස්ම ගැනීමේ අපහුසතාවයෙන් පෙළෙනු රෝගීන් සියලුම දෙනා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගෙන ඇතැයි ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
151
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස දුමක් අග්‍රාණය වී 10ක් රෝහලේ