දයාසිරි ධුරයෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ බව එම පක්ෂයේ උසස් තනතුරක් දරණ අමාත්‍යවරයෙක් පැවසීය. 06 September 2023
ජනපති පාර්ලිමේන්තු එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 06 September 2023
අදත් තැනින් තැනට තරමක තද වැසි බස්නාහිර,සබරගම,වයඹ පළාත්වලත් මහනුවර,නුවරඒළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටිනි විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . 06 September 2023
ශ්‍රී ලංකාව ‘සුපිරි හතර’ වටයට එයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලැබීමට අද (5) සමත් වූහ. 05 September 2023
එජාපය 77 උපන්දිනේට ඩිජිටල්කරණය වෙයි එක්සත් ජාතික පක්ෂයේ හෙට (6) 77 වැනි සංවත්සරය සමරයි. 05 September 2023
හොරෙන් කෝල් ගත්තැයි බන්ධනාගාරයෙන් තවත් දඩුවමක් වව්නියාව තෝනිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා අඹුසැමි යුවළක් ඝාතනය කර තවත් 8 දෙනකු තුවාල ලැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වව්නියාව බන්ධනාගාරයෙ රඳවා සිටියදි ජංගම දුරකතනයක් භාවිතා කරමින් ඇමැතුම් 3292 ක ප්‍රමාණයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු ට හා එම ජංගම දුරකතනය හිමි පුද්ගලයාට බන්ධනාගාර විනිශ්චය සභාව විසින් මාස 4 ක සිරදඩුවම් නියම කර ඇත. 05 September 2023
තඹුත්තේගමට එළවළුවලට ගිය කලක් එළවළු හා පලතුරු මිල පහත වැටි තිබුණ ද පාරිභෝගියන්ට ඒවා මිලදි ගැනිම සදහා මුදල් නොමැතිකම හේතුවෙන් ගොවියන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු තොගයෙන් කිලෝ 50,000 අධික ප්‍රමානයක් මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩ යාය කුණු අංගනයට බැහැර කිරිමට සිදුව ඇතැයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි. 05 September 2023
වාහන තහනම දෙසැම්බරයෙන් ඉවරයි පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයන සීමා මේ වසර අවසානයේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දැනුම් දුන්හ. 05 September 2023
ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පැන ගිහින්? ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (01) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාල වී ඇති බව රෝහල් බලධාරීහු පවසති. 05 September 2023
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය රේගුව සොයාගනී ශ්‍රී ලංකාවට තැපැල් මාර්ගයෙන් එවීමෙන් පසුව අදාල අයිතිකරුවන් දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල්වල තිබී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මරිජුවානා සහ කෘත්‍රිම මත්පෙති තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 05 September 2023
නීතිඥ සංගමයෙන් නොමිලයේ නීති ආධාර ජාතික නීති සතිය නිමිත්තෙන් ජනතාවට නීති ආධාර නොමිලේ ලබාදීම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් මාලාවක් ලබන 25 වැනිදා සිට ඔක්තෝබර් මස 1 වැනිදා දක්වා දිවයින පුරා සංවිධාන කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර ඇත. 05 September 2023
නිකවැරටියේ කුඹුරු යායක මළ සිරුරක් නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (5) පස් වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 05 September 2023
ආයුර්වේද පනත සම්මත වෙයි ආයුර්වේදීය කංසා වගාවට අවසර ලබාදීම ඇතුළු ආයුර්වේදයේ ප්‍රවර්ධනයට අදාළ විධිවිධාන ඇතුළත් ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (5)ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. 05 September 2023
දේශබන්දුගේ පෙත්සමේ තීන්දුව පසුවට මැයි 9 වැනිදා ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සහ ජනාධිපති මන්දිරයේ තිබී කෝටියකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට හෝ සැකකරුවෙකු ලෙස නම් කිරීම වළකාලන තහනම් නියෝගය පිළිබඳ තීන්දුවට එරෙහි අභියාචනය පිළිබඳ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පසුවට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ය. 05 September 2023
මුතුරාජාට ප්‍රතිකාර කරන්න මෙරටින් තායිලන්තයට යති අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්යක්ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගියේය. 05 September 2023
තරුණියක එක්කන් යන්න ඇවිත් තනියම නොයන ගමන් යයි රොටුඹ ප්‍රදේශයේ නිවෙසක සිටි උපාධිධාරී තරුණියක පැහැරගෙන යාමට ආ බව කියන රත්නපුර ප්‍රදේශයේ තිදරු පියකු පහර කෑමට ලක්ව මියගොස් ඇතැයි රොටුඹ පොලිසිය කියයි. 05 September 2023
ස්පා ඇවිත් ආපසු නොයයි මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. 05 September 2023
ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්ෂණ අවදානම් තත්වයක කොළඹ ජාතික රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්ෂණ තවත් සති දෙකකින් පසුව අත්හිටුවීමට සිදුවන බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්ම වික්‍රම මහතා පැවසීය. 05 September 2023
9904 දෙනකුට උසස් පෙළ ඉහළම ප්‍රතිඵල අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘ඒ.‘‘ සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 05 September 2023
කෝටි 200 ක රේල් පීලි දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 05 September 2023
කංසා වවන ගැසට්ටුවත් එයි ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 September 2023
වැස්සෙන් ආපදාවට පත්වූවෝ 6000 පනී රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පවුල් 1,630 කට අයත් පුද්ගලයින් 6,049 ක් අද (5) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 05 September 2023
මන්ත්‍රීවරු 4ක් කමිටු 2කින් අස්වෙති මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ කමිටු දෙකකින් පසුගියදා ඉල්ලා අස්වූහ. 05 September 2023
බොරු තොරතුරු පනතට වැටෙන වැරදි මෙන්න අසත්‍යය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරීම් මගින් සිදුවන හානි වලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇත. 05 September 2023
ගෙවල් කුලී පනත අවලංගු කරන්න අනුමැතිය 1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 September 2023
දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකඟයි දේශීය ආදායම්( සංශෝධන)පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 September 2023
විදුලි ත්‍රි රෝද රථ එයි විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය දී ඇත. 05 September 2023
මන්නා පහරින් කොල්ලකරු රෝහලේ නින්ජා වෙසින් නිවසක් කොල්ල කෑමට පැමිණ අඹු සැමි යුවලකට හා අවුරුදු දෙකක් වයසැති දියණියකට තියුණු ආයුධයක් පෙන්වා භිය ගන්වා පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයකු නිවැසින්ගේ පහර කා තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි. 05 September 2023
ඇදුරන්ගේ බදු ගැටලුවට දෙන විසඳුම ඇමති කියයි සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනටමත් යවා ඇති හෙයින් එම නිලධාරීන් අදාල වාර්තා සකස් කර මහා භාණ්ඩාගාරයට යවා සුදුසු කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 September 2023
ඇදුරන්ගේ බදු බර ගැන සජිත්ගෙන් බරබරයක් සරසවි ඇදුරන්ගෙන් දරාගත නොහැකි බදු අය කිරීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින හෙයින් එසේ බදු අය කිරීම වහාම නවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 September 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026