
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකීය ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනය සංවිධානය කරන ලද 'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්' තරඟාවලිය ජයග්‍රහණය කරමින් ලෝක ශූරයන් බවට පත් වී තිබේ.
'ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්' තරඟාවලිය සඳහා ලෝකයේ රටවල් 136 ක් සහභාගී වී ඇත.රටවල් 136 අතරින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලාංකික ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම ලෝක ශූරයන් බවට පත් වී තිබේ.
පසුගිය 15 සිට 19 වැනිදා දක්වා කැනඩාවේ මොන්ට්‍රියාල් හි පැවති 26 වෙනි ස්නායුවේදය පිළිබඳ ලෝක සමුළුවේදී මෙම තරඟාවලිය පවත්වා ඇත.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය තාෂි චැන්ග්, වෛද්‍ය ඒ.ටී අලිබෝයි, වෛද්‍ය සේනක බන්දුසේන සහ වෛද්‍ය මංජුල කල්දේරා සහභාගී වී තිබේ.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ආඩම්බර විය හැකි මොහොතක් බව ලොව පුරා සිටින වෛද්‍යවරුන් සුභපැතුම් එක් කරමින් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට බැන බැන ෆේස්බුක් එකේ පල්හෑලි ලියන මන්ද මානසිකයන්ට හොඳ කණේ පහරක් මේක...!
තෙරුවන් සරණයි...! සතුටු දායක ආරංචියක්...! පේනවද ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළින්, ලංකාවේ විශ්ව විද්‍යාල වලින් බිහිවුණු දොස්තරලාගේ උසස් තත්වය...!
නියමයි දොස්තරවරු....
ලංකාවේ වෛද්‍යවරු ලෝකයේ ඕනෑම රටක වෛද්‍යවරු සමග ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ලොකු පිළිගැනීමක් තියෙනවා..
මේ වගේ මිනිස්සු ඉන්න රටක්...!
කෝ මේ භද්‍රානි කියන කෙනා...? මොකුත් කතා නැද්ද?
ලංකාවේ වෛද්‍යවරු ලංකාවේ මිනිස්සුන්ට අගේ නැතිවුනාට වෙන රටවල අයට වැදගත්.