
(අංජුල මහික වීරරත්න)
තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය.
තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව සඳහන් කළේය.
" මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී කාරයෝ එහෙම අයින් වෙන්නෙ නෑ.
ඊට පස්සේ මම ආවේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න යැයි කිව්වා.ඇත්තටම මම ආවේ ලංකාව සහ එහි පුරවැසියන් ආරක්ෂා කරන්න.ආර්ථික අර්බුදයේ ඇති වූ කාලයේ ඩොලර් දෙසීයක් විතර මගේ ගෙදර තිබුණා.ඒ කාලයේ ලංකා ආණ්ඩුවට වඩා මට විදේශ විනිමය තිබුණා.අපි බාර ගත්තේ එහෙම ආණ්ඩුවක්.
වෙනස පටන් ගන්න ඕන අනුන්ගෙන් නොව තමන් ගෙන්මයි .ඒ නිසා ජනාධිපති ලෙස මා ඒ වෙනස පටන් ගත්තා.21 වෙනි සංශෝධනය සම්මත කොට ජනාධිපති බලතල අඩු කළා."යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් අපේ පරම සතුරන් ඔබතුමාගේ පරම මිතුරන්. උන්ගෙ නම් කියන්නම ඕනෑ නැහනෙ.අන්න ඒ නයින් සර් දැන් ඔබ අපේ පරම හතුරෙක්.
හතුරාගේ මිතුරෙක් බව අපි ඒ කාලේ ඉඳන්ම දන්නවා. ඒකනේ අර රශේන් උතුරෙන් ප්රභාකරන් එවපු පයින්ද ගෙදරට ගෙනත් දුන්නු කෙනාට දුන්නු කෙනාට පත්තර කන්තෝරුවල ලොකු තනතුරු එහෙම දුන්නේ... එළාර රජතුමා මිය පරලොව යද්දී කියපු කතාව මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.
රනිල්, සියේ ඔයා පින් ජනාධිපති කෙනෙක් විතරයි, අපි ගරු කරන්නේ මහජන ඡන්දෙන් පත්වෙන ගරු ජනාධිපති වරයෙකුට පමණයි !!! අපි කොළඹ, කොළඹින් ඔයාට ඡන්දෙ "0" යි. ජාතික ජනබලවේගයට ජය වේවා...!!!
නිකම් පානි ගාන්නේ නැතිව පක්ෂයේ නායකකම පොඩි ළමයෙකුට දෙන්න. ඔයා තවම දණගානවා...
ඉස්සරහ පේලියේ ඉන්න අය ඔක්කෝටම නඩු තියෙනවා. මේ ඉන්නේ හිරේ ඉන්න ඕන අයයි.., සමුහ මිනීමැරුම්, රට හොරාකාපු හොරු ආරක්ෂා කිරීම, හොරකම් කිරීම් සහ මහබැංකුව බිඳීමට වරද කරුවී එල්ලුම් ගස් යවන්න ඉන්න පක්ෂයේ නායකයායි...
අපි දන්න විදියට නම් දූෂිත පවුල් පාලනේ අයව රකින්න ඉන්න පින් ජනාධිපති කියලා දන්නෝ හොඳාකාරවම දනිති...
කොළ පාට සාරි, තොප්පි බෙදලා, කෑම පාර්සල් බෙදලා, අරක්කු කාලේ බෝතල් බෙදලා, රුපියල් 1000 ගානේ බෙදලා, අල්ලාගත්ත හිඟන්නුන් රැලක් ඔය ඉන්නේ. ඡන්දේදි ඔය හිඟන්නෝත් ඔයගොල්ලන්ට ඡන්දේ දෙන්නේ නැහැල්ලු. ඔය ඇවිල්ලා ඉන්නේ තොප්පි, සාරි, බත්මුල් ගන්න...
මෙයයි ඔතන ඉන්න අනිත් ගෝලයෝයි මොන සෙල්ලම් දැම්මත් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී ස්ථිර වශයෙන්ම පරාද වෙනවාමයි. ඔතන ඉන්න කිසිම කෙනෙක්ට මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ...!
එලොවටත් නැති,මෙලොවටත් නැති වහල් සාමාජිකයින්....!
කිසිම ආත්මයක් නැති කාලකන්නි රැලක්, නොදෝමකින් විතරක්, වරෙල්ලාකෝ ඡන්දෙ හිඟාකන්න අපේ ගෙවල්වලට. බල්ලෝ ලිහා ඇත. කොසු ඉදල් මෝල් ගස් ලැහැස්තියි. ඇම්බියුලන්ස් එකක් අරගෙනම වරෙල්ලා...!
නාකි රංචුවක්. ඔයාලද රට හදන්න යන්නේ? ඔයාලා හිටපු කාලේ මොකද කළේ? රටම හොරා කෑවා, දකුණේ අහිංසක, උගත් බුද්ධිමත් කොල්ලෝ කෙල්ලෝ දහස් ගණනක් මැරුවා. උතුරේ යාපනේ පුස්තකාලේ ගිනිතිබ්බා... 1983 ජාතිවාදී ගැටුම් ඇතිකරලා දෙමළ මිනිසුන්ව මරුවා. අන්තිමට මහා යුද්ධයක් ඇතිකළා. මොලේ කළඳක්වත් තියෙන මිනිහෙක් ඔයාට ඡන්දේ දෙන්නේ නැහැ. හිරේ යන්න ලැහැස්තිවෙලා ඉඳපල්ලා...!
සුබ පැතුම්...!
ඔය දෙගොල්ලොම මෙයාට ජනාධිපති වෙන්න තියා පාර්ලිමේන්තුවේ පඩියක් උඩ ඉඳගන්නවත් ඡන්දෙ නම් දීලා නැහැ.
බඩගෝස්තරවාදිකම. වෙනස පටන් ගන්න ඕන පින් ජනාධිපති ගෙදර යවලා...!
මෙහෙමයි උන්නැහේ දේශපාලකයෝ සහ එවුන්ගේ පවුල්වලට සම්බන්ධ හැමදෙනාම ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ හතුරන් විදිහට තමයි දැන් හොරා නොකාපු අහිංසක ජනතාව සලකන්නේ... පුළුවන්නම් මිනිස්සුන්ගේ ඒ සිතුවිල්ල වැරැදියි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න...!
තාමත් ගොන්නු වැහිවැහැලා...
රනිල්, ඔබ ඡන්දේ පැරැදිලා සන්චිපයිස් ගහලා ගෙදරට වෙලා හිටිය නිකම්ම නිකම් නිකමෙක් පමණයි. ඔබට ඔබගේ මිතුරෙක්වත්, සතුරෙක්වත් ඡන්දේ දීලා පත්කරගත්තු ජනාධිපති කෙනෙක් නොවෙයි, නිකම්ම නිකම් පිනා ජනාධිපති පමණයි. ඔබ අඩුමගානේ මගේ ගෙදර ඉන්න බල්ලන්ගේවත් ජනාධිපති නොවෙයි. ඔබ සිරගත වීමට නියමිතව සිටි හොරු 134 දෙනෙක්ව බේරාගැනීම පිණිස හොරුන් විසින් පත්කරගත් හොර ජනාධිපතියෙක් පමණයි...
හොරු රකිමින් ජනතාව හිඟමනට දැමීම නවතා ඡන්ද අයිතිය ජනතාවට ලබා දෙන්න...!
තාමත් පරණ අදහස් තියන ජනතාවක් ඉන්නවා.
ජනතාවගේ නම් පිං ජනපති...
විශිෂ්ට ප්‍රකාශයක් අති ගරු ජනාධිපතිතුමනි, අද රටේ සියලු දෙනාම එකහඬින් ඔබතුමාගේ නායකත්වය අගය කරනවා...
අපි දන්න විදියට නම් රනිල් කියන්නේ දූෂිත පවුල් පාලනේ අයගේ ගජ මිතුරෙක් කියලා...
හතුරන් සමග ඔහේ මිතුරු වෙන්න ගිහිල්ලා තමයි රටෙන් කොටසක් හතුරාට දෙන්න ISGA ගිවිසුම හැදුවේ. ඒ ගිවිසුම් වලට පාහර ජෙප්පෝ විරුද්ධ වුනේ නැහැ. වාසනාවකට මහින්ද බලයට ආපු නිසා අපි බේරුණා. මේසැරේ ඔහේට බලය දුන්නොත් රටෙන් කොටසක් අපිට නැතිවෙනවා ෂුවර්....!