(එම්.සුසිල් පියන්ත)
අහුන්ගල්ල - ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් මව පියා සහ මාස හතරක දරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් පියාට බරපතල තුවාල සිදුවූ මේ තිදෙනාම බලපිටිය රෝහල ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් කරාපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගන්නා බවද පොලීසිය කියයි.
වෙඩි වැදුනු තිදෙනාම අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ෙ යතුරු පැදියකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදු කොට ඇති බව ද පොලීසිය කියයි.
දකුණේ පාතාල නායකයකුගේ කිට්ටුම ඥාතී පවුලකට මේ වෙඩි තැබීම සිදු කොට තිබෙන බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පාතාලයෝ මේ කතාව දැකලාවත් අනේ අපොයි කියලා හිතනවාද? සිඟිති දරුවන්ට හානි කරන ගාණට ගිය ලෝකයක්...!
චණ්ඩින්ට ඔහොම වෙනවා තමයි.
පහුගිය කාලේ පුරාවටම වෙඩික්කාරයින්ගේ ශිල්ප දැක්වීම් නම් එමටයි...
අද මෙවැනි අපරාධ වැඩි වීමට හේතුව, ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසා අපරාධ කිරීමට බියක් මිනිසුන් තුළ බිය නැති වීමයි.