( බී.ජී. චතුරංග)
අනුරාධපුර වන්දනාවේ පැමිණ මව්පියන් සමග නුවර වැවේ දිය නෑමෙන් අනතුරුව ගොඩට පැමිණි හය හැවිරිදි පිරිමි දරුවකු එම වැවේ සොරොව් ඇළට වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ B/ 21, මොලගොඩ, කෑගල්ල ලිපිනයේ පදිංචිව සිටි නිශාන් පමුදිත දිෂාල් විජේසිංහ නමැති හය හැවිරිදි පිරිමි දරුවෙකි.
ඉකුත් 20 දා කෑගල්ලේ සිට අනුරාධපුරයට පැමිණ සිද්ධස්ථානයකට තිබූ බාරයක් ඔප්පු කිරීමෙන් අනතුරුව, දරුවාගේ මව පියා, ඥාතීන් තිදෙනෙකු, අනුරාධපුර නුවර වැවේ, අනතුරු දායක ස්ථානයක් යනුවෙන් සඳහන් කර ඇති ස්ථානයක දිය නෑ ඇති බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd