(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මැල්සිරිපුර පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ මාර්ගය හරස් කර ඔහු ගමන් ගත් යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන අසභ්‍ය වචනයෙන් බැන වැදීබෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනකුපෙරේදා(21) සැකපිට අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් අයෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම පොලිස් සැරයන්වරයාඅත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් මීට පෙර නඩුවක් ලබා ගෙන තිබිණි යැයි මැල්සිරිපුර පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරා වැඩ ගොඩක් කරල, සල්ලි ටිකක් අතට හම්බ වුනාම මිනිස්සු හිතන්නෙ උන් රජ වුනා කියල..