
(රොමේෂ් මධුෂංඛ)
ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීහු පිරිසක් පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත.
ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ යාපනයේදී සිවිල් සංවිධානයක් ඉතා උණුසුම් අයුරින් පිළිගැනුනු අතර එම පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි.
ආදිවාසින් මෙවැනි පිරිසක් යාපනයට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර එම පිරිස් යාපනයේ පිහිටි ප්‍රසිද්ධ ආගමික ස්ථාන මෙන්ම වැඩසටහන් කිහිපයකටද ඉදිරි දිනයන්හි සහභාගී වීමට නියමිතව ඇත.
එමෙන්ම යාපනයේ ජනතාවට මෙන්ම පාසල් දරුවන්ට ආදි වාසී යුගය පිළිබඳව දැනුමක් ලබාදීමටද මෙහිදී පියවර ගන්නා බවට ආදිවාසී නායක ඌරුවලිගේ වන්නිල ඇත්තෝ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්නිලැ ඇත්තෝ යාපනයට ආව පලමු අවස්ථාව නොවේ . මීට පෙර අවස්තා කීපයක්ම ඇවිත් තියෙනවා .නිවැරදි පුවත් පලකරන්න.