යුරියා 7000කින් අඩු කරන්න එකඟතාවය යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින් අඩු කිරීමට ප්රමුඛ පොහොර සමාගම් අද (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි 23 March 2023
පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ. 23 March 2023
2022 තෙවන පාසල් වාරය හෙටින් අවසන් රජයේ සහ අනුමත පාසල්වල 2022 අධ්‍යයන වසරේ තෙවන පාසල්වාරයට හෙටින් (24) අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 23 March 2023
විපක්ෂය අලුත උපන් දරුවෙක් වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම සම්බන්ධයෙන් විපක්ෂය අලුත උපන් දරුවෙක් වගේ මෙලෝ හරයක් නැති කතන්දර කියමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. 23 March 2023
රට ගොඩනඟන හැටි මෛත්‍රි කියයි රට ගොඩ ගත හැක්කේ සියලු පක්ෂ එක්ව දූෂිතයන්, වංචාකාරයන්, පවුල්වාදය නැති පිරිසිඳු මිනිස්සුගෙන් යුත් ආණ්ඩුවක් ගොඩනැගීමෙන් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 23 March 2023
ආණ්ඩුවේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම ශ්‍රී ලංකාව වර්තමානයේ දැඩි අර්බුදකාරී තත්වයක පසුවුවද ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේ වගකීම් විරහිත ස්වභාවය තවමත් එලෙසම පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 23 March 2023
පාඨලීට තනතුරක් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අද (23) නිතරඟයෙන් තේරී පත් විය. 23 March 2023
ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එජාපය ගෝඨා ගෝ ගමේ පළවෙනි හට් එක ගැහුවෙ එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහලා බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 March 2023
කෝටි 60ක සිගරට් රේගුව අල්ලයි නීති විරෝධීව මෙරටට ආනයන කළ රුපියල් කෝටි 60 ක් වටිනා විදේශ සිගරට් තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කුළු බඩු තොගයක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 23 March 2023
රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් ඉන්නවා මේ රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් සිටින බවත්, එය වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්ෂිණාංශික දේශපාලනය, රාජපක්ෂ මහත්වරුන්ගේ පවුල්වාදී දේශපාලනය හෝ වෙනත් අය ඉදිරිපත් කරන රොමෑන්තික විප්ලවවාදය නොවන බවත්, නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 23 March 2023
ටෙලිකොම් විකුණනවාට විරෝධය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්රාග්ධනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොළඹ, කොටුව ටෙලාකොම් මූලස්ථානය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 23 March 2023
රුපියල තවත් ශක්තිමත් වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ. 23 March 2023
ලක්ෂ 6ක මාළු බෝට්ටු තුනකින් ඇවිත් කොල්ල කාලා ත්‍රිකුණාමලය කොටුව මුහුදේ මාලු අල්ලමින් තිබු ධිවර යාත්‍රාවක අල්ලන ලද මාලු තොගයක් ඊයේ (22) පස්වරුවේ තවත් බෝට්ටු තුනකින් පැමිණි පිරිසක් කොල්ල කා පලාගොස් ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. 23 March 2023
අයි.එම් එෆ් යාම හොඳද? නැද්ද? නමින්ම ඡන්දය විමසයි ලංකාව මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 March 2023
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23) නියම කර තිබේ. 23 March 2023
ඩයනා සැකකාරියක් කරනවාද?නැද්ද?තීන්දුව 6 ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව ඇය සැකකාරියක ලෙස නම් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධ නියෝගය ලබන 6 වැනිදාට ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (23) තීරණය කළේය. 23 March 2023
‘දරුපරපුර වනසන්න දෙන්නේ නෑ‘ මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම් වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 March 2023
කිරිපිටි මිල පහළට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති. 23 March 2023
අම්පාරේ සාරි කඩය ගිනි රකුසාට බිලි අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුව්ල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 23 March 2023
ලක්ෂ 6 ක ඉස්සෝ-දැල්ලෝ ඉස්සූ කම්කරුවා දැලේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ ශීතාගාරයක තිබූ රුපියල් ලක්ෂ 6 ට ආසන්න ඉස්සෝ සහ දැල්ලෝ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය පවසයි. 23 March 2023
දුප්පත් ජනතාවට හැම සහනයක්ම දෙනවා අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවත් වීමේ ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 March 2023
අන්තර්ජාලයෙන් කුඩු විකිණු ලොක්කා මාට්ටු හඳුනානොගත් පුද්ගලයකු වූ ඉන්දියාවේ සිට වට්ස්අප් තාක්ෂණය මගින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ප්‍රධාන නියෝජිතයා මාලබේ මිහිඳු මාවතේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය කිය. 23 March 2023
සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 23 March 2023
පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වල පිළිතුරු ඉඩම් නඩු වගේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු ඉඩම් නඩු වගේ වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය. 23 March 2023
ගොවි පවුල්වලට 30000ක ආධාරයක් අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ. 23 March 2023
පේදුරුතුඩුවේ බෝට්ටු 10කට ගිනි තියලා යාපනය පේදුරුතුඩුව වෙරළේ නවතා තිබූ බෝට්ටුව 10කට කිසියම් පුද්ගලයෙකු ගිනිතබා විනාශ කොට ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. 23 March 2023
අදත් තැනින් තැන වැසි සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 March 2023
ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා ඩී.එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුවද සිංගප්පූරුව එය ක්‍රියාවට නැංවීමෙන් සංවර්ධිත රටක් බවට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩී.එස් සේනානායක 71වන ගුණ සමරු උත්සවයේ දී පැවසීය. 22 March 2023
ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටට ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ මෙම මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියි. 22 March 2023
ඡන්දෙ ගැන තීන්දුව හෙට පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය. 22 March 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026