IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නෑ’

(අංජුල මහික වීරරත්න)

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊශ්‍රායල - හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22)  මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.

ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි.

ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිට පිළිගැන්වීය.

ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය”  ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

 



අදහස් (11)

‘පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නෑ’

Bamunuarachchi Sunday, 22 October 2023 05:12 PM

රනිල් උන්නැහේ අපිට කරන්න පුළුවන් බම්බුවක් නැහැ... වැඩ සිද්ද වෙන්න ඕන විදිහට වුණාවේ... ලෝකේ මුස්ලිම් කාරයෝ ඉන්න හැම තැනම ගැටුම්. නැතිනම් ඔවුනොවුන් අතර ගැටුම්. හමාස් ත්‍රස්තයෝ කියන්නේත්, ඉස්ලාමීය ත්‍රස්තයෝ කියන්නේත් එකම ත්‍රස්ත කොටසක්. මහින්ද නොසිටින්න ඔහේ බන්දේසියක තියලා ප්‍රභාකරන්ට මෙරට දීලා නේද? අපිට ඕවා හොඳට මතකයි...!

:       15       29

රංබොඩ Sunday, 22 October 2023 05:16 PM

හරි හරි.. ඒ ඡන්ද ටික ලැබෙයි.

:       2       22

Rama Sunday, 22 October 2023 05:35 PM

එතකොට අර අපේම රටේ අනුලා ජයතිලක මහත්මිය ගොදුරක් වුණු එක ගැන කතා නැද්ද?

:       3       26

Pinjana Sunday, 22 October 2023 06:14 PM

මෙයාට අමතකයි, එයා පාස්කු ප්‍රහාරයේ චූදිතයෙක් සහ නඩුවෙන් ෂේප් වෙලා ඉන්නේ විධායකයේ අනුග්‍රහය නිසා කියලා. ජාතිවාදය ඉස්මතු කරලා ඡන්දේ ගන්න හදන්නේ. ඒවාට රැවටෙන්න තරම් මෝඩ මුස්ලිම් වරු ඉන්නවා නම්, එයාලාට අල්ලා පිහිට නොවේවි. මේ මනුස්සයා හැමදාම කීවේ බොරු, ඉටු නොවුණු පොරොන්දු අප්‍රමාණයි. මෙයා කරන්නේ තමුන්ගේ පැලැන්තිය ආරක්ෂා කරන එක. මහ බැංකුව කොල්ලකෑවේ කවුද?...

:       4       27

දිනෙත් Sunday, 22 October 2023 07:10 PM

ගොදුරු හොයාගෙන මිනි මරන්න හොඳයි. ඔයැයි සර්පයන්ට කිරි පොවන්නේ නැතිව ඉන්නවා හලෝ. ඉශ්‍රායලයට ජය අත් වෙනවාමයි. ගාසාව අල්ලගෙන යුදෙව් රාජ්‍යට ඈදා ගෙන ඔවුන් මිලේජ්ජ ත්‍රස්තවාදීන්ට හොඳ පාඩමක් උගන්වයි. යුදෙව්වන් අදහන දෙවියෝ ඔවුන් රැක දෙවා. අපේ රටේ බහුතරය යුදෙව්වන් සමගයි.

:       2       1

Kumara Sunday, 22 October 2023 08:18 PM

තෝ මොකෙද්ද බොල පරන්ගියෝ .කට වහගෙන හිටු

:       2       1

චන්දිම Sunday, 22 October 2023 08:23 PM

මෙයාලා අපේ රටත් අරයට කෑල්ලයි මෙයාට කෑල්ලයි කියලා වරායවල් ගුවන් තොටුපළවල් විකුනලා දැම්මහම තව අවුරුදු ගානකින් පස්සේ ඒ රටවල් උනුන්ට බෝම්බ මිසයිල ගහ ගන්න කොට හොඳට මතක තියා ගන්න අපිටත් වෙන්නේ ඔන්න ඔය පලස්තීන ජාතිකයන්ට වෙච්ච විනාසේ වගේ නිකන් අහක යන බෝම්බ මිසයිල වලට ගොදුරු වෙලා කුඩු පට්ටම් වෙලා යන්න. මොකද එතකොට ඒ රටවල අපේ මිනිස්සුන්ට වෙන දේවල් බලන්න වෙලාවක් නැහැ.

:       1       3

chandima Sunday, 22 October 2023 09:36 PM

ඔන්න අලි මැද්දට පැනලා තැලෙන්න යනවා

:       1       0

samanala Monday, 23 October 2023 09:14 AM

තමුන්ගේ රටේ මිනිස්සු වේලක් කන්න නැතිව දුක් විදිනවා , මේ මනුස්සයා අනුන්ගේ රටවල් ගැන හොයනවා . කමක් නැහැ, ආයේ ඉතින් කවදා ජනාදිපති කෙනෙක් වෙන්නද

:       0       5

Rata Perata Monday, 23 October 2023 12:03 PM

මේ මනුස්සයාගේ කතන්දර වලට අදහස් දාලත් වැඩක් නෑ .මගේ කාලය අපතේ යනවා විතරයි .කොහෙද යන පිස්සෙක්

:       0       1

HWLAYA Monday, 23 October 2023 02:50 PM

අපේ රටේ ජනතාව. IMF ඒකේ ගොදුරක් වෙලා. එකෙකුටවත් පේන්නෙ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site