
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇතැයි කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.
අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක මේ සොරකම සිදුව ඇත.
අදාල සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කළේය.
අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලිසියට බාරදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
2020 -2021 කාල පරිච්ඡේදයේ මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලඥයින්ට විතරක් ඇඟිල්ල දිකරලා වැඩක් නැහැ පේනවනේ නිලධාරී පැලැන්තියත් ( බොහෝ දෙනෙකු) හොරකම් කරන්නේ හිටගෙන .
කුරුණෑ ගල විතරයි ඔය පැත්තේ ඉන්නෙ පාලකයො ආනයනය කරන මිනිස්සු කියලා අහන්න ලැබුනා ඒ කියන්නෙ මංත්‍රී කමටත් උගතෙක් බුද්ධිමතෙක් නැහැ කියලා තමයි ඔක්කොමලා ඉතින් කවුද කියන්න අවශ්‍ය නැහැනේ රාජකීය දෙයක් කැඩුවම මොකක්ද හොල්ලන්න දෙන්නෙ නැහැ කිව්වා නම් අනෙකුත් වැඩ මොනවාද ඩාලිං
හැම තැනකම හොරු. උගත් නූගත් බේදයක් නෑ. වෘත්තිය සමිති පිහිටුවගෙන කරන්නෙත් හොර කම්ම තමා. මේ හොරකම් නතර වුණා.නම් රට එතනින්ම ගොඩ
කලිසමේ උකුල් සාක්කුවෙන් එලියට ගන්න ඇති. ආරක්ෂාව නියමයි සර්!
මෙහෙම වෙන්න නම් ඇමතියො මොකටද......අවසානෙට උන් සේවය මොකක්ද..
කුරුණෑගල නම් අහන්න දෙයක් නැහැ, ලොකු මයිනායි ජොනියයි එකතුවෙලා වැඩේ දෙන්න ඇති.
පුදුම වෙන්න දෙයක් නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි පොහොට්ටුවේ ලොකුම හොරු ටික ඉන්නේ...!
මොකක්ද මේ රටට වෙච්චදේ? වංචාව, දූෂනය ඉහවහා ගොහින්. රාජ්‍ය ආදායම එකතු කරන දූෂිත නිලධාරීන් නිදැල්ලේ සිතූදේ කරනවා. දේශපාලුවෝ ඊට හපන්. මුලුරටම හොරගුහාවක්. මේ රට ගොඩගන්න කාටවත් ඕනකමක් නැත්තේ ඇයි?
මොකටද අනේ 2020 අවුරුද්දේ වී. ඒවා තිබුණත් වැඩක් නැහැ සාමාන්‍යයෙන් දැන් කාලයේ තියෙන වී අවුරුද්දක් පහුවුණාම කන්න බැහැ. වී අලෙවි මණ්ඩලයේ ලොක්කෝ මේවා කළමනාකරණය කරන්නේ නැහැ කියලා කියන්න පුළුවන්... ඇත්තටම අමාත්‍යාංශයේ වේවා... එහෙම නැත්නම් ආහාර දෙපාර්තමේන්තුව තිබේ නම් එය වේවා මාසිකව හෝ දෙමාසිකවවත් ප්‍රගති සමාලෝචනයක් කළොත් මෙහෙම වෙන්නේ නැහැ. ඔය ආයතන ඉස්සර නම් දිසාපතිතුමන්ලා පාලනය කළ නිසා ඔහොම නාස්ති වුනේ නැහැ. දැන් ඉතින් දිස්ත්‍රික් ලේකම්ලා ඕවා බලන්නේ නැතුව ඇති. එ නිසා නැවතත් ආහාර දෙපාර්තමේන්තුව ඇති කර වී ගොවිතැන මහා පරිමාණයේ කරන දිස්ත්‍රික්කවලට සහකාර ආහාර පාලක නිලධාරින් පත්කර ක්‍රමවත් බවක් ඇති කරන්න නාස්තිය වළක්වන්න මේවා වෙන්න බලවත් දිසාපති තනතුර අහෝසි කිරීමත් හේතුවක් වුණා..
ජවිපෙ ,සජබෙ ඇතුළු විපක්ෂ කණ්ඩායම්වල රාජයේ නිලධාරීන් හොර වැඩ හෙළිකර දඬුවම් දීමට ඇති උනන්දුව මේ හොරකම ගැන ක්‍රියාකරන විදියෙන් මැන බලමු...!
අරක්කු බිස්නස් කරන හොරෙක්නේ ඉන්නේ ඔය පැත්තේ... අපේ රටේ ආණ්ඩුවක් තියෙනවද කියලත් හිතෙනවා... මේ කාලකණ්ණි එළවන්න වෙලාව හරි..
මීයෝ කෑවා වෙන්න බැරිද? ඇමැතිගේ වාර්තාවෙන් ඒක ඔප්පුවෙයා කියලා මට හිතෙනවා.
වී මලු ලොරි වලට පටවන විට ගබඩා පාලනය කරන කෙනාගේ දැනුවත්කමත් ඇතුව වැඩිපුර වී මිටි දහය ගණනේ පැන්නුවාම ඔවුන්ගේ ගාන ෂේප්... වැඩේ ඇසුවෙනකොට පටවපු එවුනුත් ගබඩා පාලකත් මාරුවෙලා ගිහිල්ලා...