(ටී.කේ.ජී.කපිල )
කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ 22 දින රාත්‍රී සිදු වූ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය පවසයි .
මෙම සුඛෝපභෝගී බස් රථය සැමදා අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ආසන වෙන් කිරීමකින් පසුව දෙහිවල සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මඩකලපුව බලා ධාවනය වන්නකි .
මෙම බස් රථය 22 දින රාත්‍රී 10.45 ට පමණ මගීන් සමග ආඩිඅම්බලම ප්‍රදේශය පසු කර යමින් සිටියදී , ඉදිරි පසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට - මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd