
(මොහොමඩ් ආසික්)
කටුගස්තොට නගරයේ පිහිටි ෆාමසියකට රාත්‍රී කාලයේ ඇතුළු වි එහි මුදල් , මුදල් තැන්පත් කර තිබූ සේප්පුව පිටින්ම ඔසවාගෙන ගොස් එතුල තිබූ රුපියල් තුන් පක්ෂ පනස් දහසක් මුදලකට රේස් දැමු බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (23) අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුගස්තොට නගරයේ පිහිටි මෙම ෆාමසිය කඩා එහි තිබූ මුදල් සේප්පුව සොරා ගෙන ගොස් ඇති බවත් එම සේප්පුව තුල රුපියල් 3,50,000 ක මුදලක් තිබූ බවත් ෆිමසියේ අයිතිකරු කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබූණි.
අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු පොලීසිය මෙම සේප්පුව ඉස්සූ සැකකරු අත් අඩංගුවට ගනු ලැබූ අතර සේප්පුව තුල තිබූ රුපියල් 3,50,000 ක මුදල ගෙන ඒ මුදල්වලින් සූදු සෙල්ලම් කළ බව ඔහු පොලීසියට පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd