(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය මහතා විසින් දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි, සෞඛය කාපු කෙහෙලිය දැන් පරිසරයත් කාලම දායි. අනේ ගස්වලට දෙවියන්ගෙම පිහිටයි.
පරසරෙත් නරකම නැහැ සද්දයක් නැතිව ගානක් හොයාගන්න. මොකද දොස්තරල, ලෙඩ්ඩු වගේ කැලෑව සද්දකරනවයැ නේද කෙහෙලිය...
අසාර්ථක උන ඇමතියෙක් අයින්කරන්න වත් කොන්දක් නෑ මේ ජනපති ද .සෞඛ්‍ය කාපු කෙහෙළිය දැන් ඉඩම් ටික කාලා දායි
2048 වෙනකම් ඉන්න ඕන නෑ. හෙට අනිද්දම රට සුරපුරේ වෙනවා
ඉන්න තක්කඩි ටිකම එහාට මෙහාට මාරු කරනවා , එත් සිස්ටම් චේන්ජ් කරන්න කතාව
කරාපිටිය මාතෘ රෝහල දැන්වත් විවෘත කරයිද?
අපේ පවිත්‍ර ආච්චි නේද පරිසරේ බලා කියාගෙන හිටියෙ. එයැයිට මක්කද උනේ. හරි කඩිසර නෝනනෙ.
තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියාමයි බොල කොබෙයියා
රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදීම , ජනාධිපතිතුමා ගත් හොඳ තීරණයක් . රමේෂ් පතිරණ මහතා හොඳ පුද්ගලයෙක් නිසා සෞඛ්‍ය යේ පවතින දුෂණ ,වංචා සහ අක්‍රමිකතා තුරන් කිරීමට පියවර ගනු ඇතැයි සිතමි.