(විමුක්ති එස් රුද්‍රිගු)
කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයේදී 2019 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මන්නයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත්තේ 45 හැවිරිදි සසිකරන් තනපලසිංගම් නම් පුද්ගලයෙකුටය.සසිකරන්ගේ බිරිඳ තර්ශිකා ජෙගනාතන් ශ්‍රී ලාංකික කාන්තාවක් වූ අතර දෙදෙනා ඉන්දියාවේදී විවාහ වී ඇත.අනතුරුව තර්ශිකා 2017 වසරේදී සසිකරන් සමඟ ජීවත්වීමට කැනඩාවට පැමිණ තිබේ.
මීට වසර හතරකට පෙර සසිකරන්, සිය බිරිඳ වූ 27 හැවිරිදි තර්ශිකා ජෙගනාතන් ස්කාර්බරෝ ප්‍රදේශයේදී බසයෙන් බැස නිවස බලා ගමන් කරමින් සිටියදී මන්නයකින් පහර දී අමු අමුවේ ඝාතනය කරන අයුරු සී.සී.ටී.වී දර්ශනවල පටිගත වී තිබීම හේතුවෙන් එම ඝාතනය අධිකරණයේදී සාධරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට හැකි වී තිබිණ.
තර්ශිකා ඝාතනය වන අවස්ථාවේ සසිකරන්ගෙන් වෙන් වීමට දික්කසාද නඩුවක්ද ගොනු කර තිබී ඇත.සසිකරන්ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු බව කැනඩා පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් වගේ කාලකන්නි .යකෝ මේ අපායෙන් ගැලවිලා හොඳ රටකට ගිහිල්ලත් ඉන්න බැහැනේ .මනුස්සයෝ වගේ .යකෝ අපරාදේ කැනඩා වීසා එක
තමන් උපන් දේශය අපායක් ලෙස දකින්නේ නිරය ගාමී හිත් ඇති මිනිසුන් ය.මව් බිමට ගරහන් මිනිසුන් ට හිමි වන්නේ සරණාගත භාවය වග පවක් පිනක් නොහඳුනන් අසත්පුරුෂයින් කෙසේ නම් දැන ගන්නද ?
ලන්කාවෙ වගේද මිනිමරල මාස තුන්ක් රිමාන්ඩ් එකෙ ඉඳල එලියට ඇවිත් , නඩුව අවුරුදු 20-30 ඇදෙනකොට තව මිනිමරල , සාක්කි කාරයො බිය කරල සාක්කි අවුල් කරල අවසානයෙ නඩුවෙන් ගැලවිලා යහතින් ඉන්න එහෙ බැහැ.
අයියෝ... මොන මෝඩයෙක්ද?
ලංකාවෙ සිටි සියලුම මිනීමරු ත්‍රස්තයින් බටහිර යුරෝපේත්, කැනඩාවත් ගෙන්වාගෙන ඔවුන්ට සරණාගත රැකවරන ලබා දීලා. අපේ රටේ බෙදුම් වාදයට එම රටවල් උදව් කළා.. තවමත් කරනවා. ඉතින් ඒ මිනීමරුවන් ලෝකේ කොහේ ගියත් ඔවුන්ට මිනී මරන එක සමාන්‍ය දෙයක්... හරියට නොදැනුවත්ව මදුරුවන් මරනවා වගේ... සිත් පිත් නැති අමනුෂ්‍ය කොටසක්...