(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සකස් කිරීම සහ ඔවුන්ගේ වරප්‍රසාද තීරණය කිරීම,චර්යා ධර්ම කඩකිරීම් පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට හෙට ( 23) ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අධිකාරිය විශ්‍රාම විනිසුරුවරුන් පිරිසකගෙන් සමන්විත වේ.
රුපියල් කෝටි 8ක රත්රන් නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඩ නියමවූ අලිසබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ එම සිද්ධියෙන් පසු මෙම අධිකාරිය පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුවීඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කරමින් කටයුතු කිරීමට මෙම අධිකාරියට එම පනතින් අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීවරුන්ට වැටුප් හදන්න අධිකාරියක්
පැරකුම් Monday, 23 October 2023 02:39 AM
අනේ අපේ මන්ත්‍රිතුමා අපට සේවය කරන්න කොච්චරනම් මහන්සි වෙනවද. අනේ එයාට කීයක් හරි පඩිය වැඩිකරල දෙන්නකෝ…!
මගෝඩිස්තුමා Monday, 23 October 2023 11:50 AM
ඇත්තටම ඔය අධිකාරියට වාර්ෂිකව කොපමණ මුදලක් වියදම් කරන්න වෙයිද ඒ මුදල එක් පුරවැසියකුට කොපමණ බරක් වෙයිද ඔය අධිකාරියට සමානව පලාබබාලත් එවැනි අධිකාරි ඇතිකලොත් මොකද වෙන්නෙ රටට අනවශ්‍ය ජාතික ධනය කාබාසිනියා කරන පළාත් සභා නිසා රටේ ආදායම් නිකරුණේ නාස්ති වෙද්දී තව තවත් මෝඩ වැඩ කරන්න සූදානම් වෙන්නෙ ඔහේලට මොංගල්ද .ඔයිට නරකද මංත්‍රීලා සදහා චර්‍යාධර්ම පද්ධතියක් හදලා එම වගන්ති කඩා තියෙන අයට අපේක්ෂක තත්වය නොදීමට කටයුතු කිරීමත් පාර්ලිමේන්තුවේ අශීලාචාරව හැසිරෙන ජනතා නියෝජිතයන් එදිනම එවේලේ සභාවේ සිටින මංත්‍රීලා ගෙන් දෙකෙන් එකකට වඩා එක් චන්දයක් තිබේනම් ඉවත්කරන්න නීතියක් හදන්න එහෙම කලොත් ඔය මගෝඩිස්ලා මෙල්ල කරන්න පුළුවන් වේවි ඒ සමගම මංත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ නැත්නම් ඔවුනුත් ඉවත්කරන්න ඕන
King Yama Monday, 23 October 2023 01:58 PM
මුන්ට චන්දය දීපු මිනිස්සු කන්න නැතිව, ළමයි ඉගෙනගන්න සල්ලි නැතුව දහ දුක් විදිනවා. ලයිට්, වතුර, බස් ගාස්තු , බඩු වල ගනන් අහස උසට , දරන්න බැරි ටැක්ස් , ඉගෙන ගත්ත වුන් රට දාල යනවා. එත් මේ මී හරක් 225 ට වගේ වගක් නෑ. හොරා කනවා මදිවට , දියවන්න බතේ තෙල වැඩි වෙලා එක එකා ඇන ගන්නත් පටන් අරන්. මේ කාලකන්නි හිතන්නේ මුන්ගේ ගොන් පොර බලලා මිනිස්සු ආතල් එකක් ගන්නවා කියල වෙන්ට ඇති. නොදකින් කාලකන්නි මී හරක් .