
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.
දෙවිනුවර ධීවර වරාය ආසන්න මුහුදේ දී ඔහු සමග දෙදෙනකු මුහුදට පැන ඇති අතර එක් ධීවරයකු නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගෙන මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ඒ අනුව රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් එම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් සිව් දෙනකු සමග අත්අඩංගුවට ගනු ලැබු “ජය සහන්” නැමැති බහු දින යාත්‍රාව අද උදෑසන දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට මොනවා වෙනවද කවුද දැනෙන
ඔය අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන්නේ මොකද්ද? ඇයි අපිට නීති හද ගන්න බැරි ඉක්මණින්ම ඇල්ලු සැනින් විනිශ කරන්න. ඔවැනි වැටලීම් කලද ඉතිහාසයේ. නමුත් විනාශ කලා කියලා පත්තර වල නෑ.
ඉතින් යකෝ සැකකරුවන් අහු උනහම උන්ට මාංචු දැම්මානම් ඉවරයිනේ .ඔයවගේ රාජකාරි වලට යනකොට හැම පැත්තෙන්ම ලැස්ති වෙලානේ යන්න ඕනේ .ඌට පැනලා යන්න ඉඩ දෙන්න ඇති
sam , උඹ හිතන්නෙ අර දියවන්නාවෙ ඉන්න හොර හැත්තට වගේ මේ අනතුරුදායක රැකියා කරන මහත්තුරුන්ටත් සියලු සැප පහසුකම් තියෙනව කියලද. ඒ අය අමාරුවෙන් කරන සේවය අගයපන්, පන්ඩිත බූරුවෙක්නොවී.