
( තිලකරත්න දිසානායක)
ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල බින්දුවට බැස්වීමට හැකි වූ බව නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මහත්මිය සදහන් කළාය.
නගර සභාවේ හිටපු පුරපති එරංග සේනානායක මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මත 2022 වසරේදී නගර සභාවෙහි ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවිකිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලි බිලෙන් මේ වනවිට මෙලෙස නිදහස්වීමට හැකියාව ලැබී ඇති බව කොමසාරිස්වරිය " ලංකාදීප " ය හමුවේ අදහස් දක්වමින් පැවසුවාය.
විදුලි බිල වැඩිවීමට පෙරදී මාසික විදුලි බිල ලෙස නගරසභාවට රුපියල් ලක්ෂ හයක් පමණ ගෙවීමට සිදුව ඇති අතර සූර්ය පැනල නොවූයේ නම් එය මේ වනවිට තෙගුණයක් වීමට ඉඩ තිබිණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ මහ නගර සභාවේ විදුලි බිල සීරෝ වේ
ලංකාපුත්‍ර Sunday, 22 October 2023 04:30 PM
රට ගැන කැක්කුමක් තියෙන පාලකයෝ හා රට ගැන කැක්කුමක් තියෙන තමන්ගේ බඩ ගැන පමණක් නොසිතා කටයුතු කරන්න පුළුවන් නිලධාරින් ලංකාවේ හිටියා නම් අපේ රටේ විදුලිය ප්‍රශ්නයත් මෙහෙම විසඳෙනවා කියලා කියන්න පුළුවන්...
Mirisawattha Sunday, 22 October 2023 06:19 PM
0 කතාව ඇත්ත වුණත් වසර 50ක් වැස්සටත් තෙමුණු වෙලේ හිල් ටික වැහුවාට එතුමාට පින්...
Aiyana puthra Sunday, 22 October 2023 06:25 PM
කෙහෙල් මල් රෑට වහල තෙමෙන නිසා ඊට උඩින් මේක වැහුවා අපේ බාස් උන්නැහේ...!
Krishan Sunday, 22 October 2023 08:11 PM
ඔය ගම්පහ මහ නගර සභාවේ විදුලිබිල මිස නගරයේ දල් වන විදුලි ආලෝකයේ විදුලිබිලත් ඔය සමග 0 වනවා නම් තමයි හොද ඔය වගේ නගර සභාවේ අනෙකුත් කාර්‍යාලයන් 0 කරගත්තොත් තමයි යහපතක් වෙන්නේ යක්කල තිබෙන උප කාර්‍යාලය වගේ උප කාර්‍යාලයන් නාගරික වෙළෙඳ පොලවල් පුස්තකාල ආදියත් 0 ආවොත් තමයි හොද නාගරික වෙළදපොලේ සිටින ව්‍යාපාරිකයන් ගෙන් සුර්‍ය පැනල සවිකිරිමට යන වියදම් එකවර නොව කොටස් වශයෙන් පියවාගන්න ක්‍රමයක් සැකසිම මගින් නගර සභාව දරණ වියදම් පියවාගන්න හැකියවක් ලැබෙනවා ඒ ව්‍යාපාරිකයන්ට අඛණ්ඩව විදුලිය ලැබෙනවා රතු නිවේදනයන් නොලැබි යනවා ඔවුන්ට වාසියක් සිදුවෙනවා
kotiya Monday, 23 October 2023 12:03 PM
උබලා තමයි බන් දවසකටවත් මිනිස්සු. මොකක් කලත් ඇදයක් හොයා ගනියි. ඇදයක් කුදයක් නැතුව උබලා මේ රටෙස් දියුනුවට මොනවා හරි කරලා තියේ නම් පොඩ්ඩක් කියපල්ලකෝ....