(අංජුල මහික වීරරත්න)
පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරීන් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා අදාල ටෙන්ඩර් කැදවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට උපදෙස් දී තිබූ බව අමාත්‍යාංශය කියයි.
නමුත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරීන් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැතිබව අනාවරණය වී තිබේ.
මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බවද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබූ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නිලධාරීන් හැම ආයතනයකම ඇති. වැරදි වලට දඬුවම් නැති රටක වැරදි කිරීමට ඔවූූහු බිය නොවෙති.
මේ අය මේ වගේ වැඩ කරන්නේ හදිස්සි අවස්ථාව පෙන්වා හදිස්සි මිලදී ගැනීම් කර ගාණක් සාක්කුවේ දමාගැනීමටයි. මොවුන් රැකියාවෙන් පන්නා දමන්න...!
ඇතැම් රාජ්‍ය නිලධාරීන් මගෝඩි වැඩ කරමින් වැඩ කටයුතු අඩාල කරන බැවින් එවන් නිලධාරීන් වෙනුවෙන් මෙවන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.
කතාව ඇත්තටම ඇත්ත නම් දඬුවම් දීම හොඳයි. හැබැයි ගොඩක් විට වෙන්නේ හොර මැර නැතිව නිසි කටයුතු කරන නිලධාරීන්ට බොරු චෝදනා දාලා දඬුවම් දෙනවා තමන්ගේ අරමුණු ඉටු නොවුණාම...
අකාර්ය්‍යක්ෂමතාවයට දඬුවම මෙපමණද? ඉදිරියේදී එසේ නොවීමට දැඩි දඬුවමක් දියයුතු නොවේද?
අත්‍යාවශ්‍ය කොමිස් මුදල නොලැබුණු හින්දා තමයි ප්‍රමාද වුණේ... ඒ අතරතුර දේශපාලුවන්ගේ හා හෙංචයියලාගේ ගනුදෙණුත් හරස්වුණා. ආයේ නම් එහෙම කරන්නේ නැහැ. කරුණාකර නැවත සුපුරුදු ස්ථානයටම පත්වීම ලබාදෙන ලෙස බැගෑපත් වෙමි. උත්තරය ඕකයි.
මේ නිලධාරීන් මේ වැරැද්ද කළා නම්, මේ ගත්තු තීන්දුව නිවැරදියි. හැබැයි අර චීන අසූචි නැවට ඉතා අසාධාරණ ලෙස මහජන මුදල් ගෙවීම කළාට වගකිව යුතු දූෂිත ඇමැතිලාට කිසිම දඬුවමක් නැහැ. ඒ වගේම අර ගිනි ගත් නැවේ වන්දිය ගන්න අසමත්වූ දූෂිත අමැතිලාටත් කිසිම දඬුවමක් නැහැ. මේ ආණ්ඩුව තුළ ඕනේ තරම් දූෂිත හොර ඇමැති රාජ්‍ය ඇමතිලා ඉන්නවා. අදට දුමින්ද සිල්වා හැර කිසිම දේශපාලඥයෙක් හිරේ නැහැ. ඒකත් හිරුනිකා එදා ආණ්ඩුව නියෝජන කළ නිසා තමයි එදා ඔහුට දඬුවම් ලැබුනේත්. පසුව රට ජාතිය බේරා ගන්න ආපු ගෝඨාභය නීති විරෝධී ලෙස ඔහුව නිදහස් කළා. පහත් තැන්වලින් තමා ජලය ගලා යන්නේත්...!