IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෙබනන් කඩාවැටුණ ගෙඩනැගිල්ලේ සිරවූ ලංකික කත මියගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෙබනනයේ මහල් හතක ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් එහි හිරවූ පුද්ගලයන් 5 දෙනා අතර සිටි ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි  ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය.

මියගිය ශ්‍රී ලාංකික කාන්තාව 68 හැවිරිදි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිචිව සිටි අයි.ප්‍රේමලතා නැමැති කාන්තාවක් බව තානාපති කපිල ජයවීර මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව වේලාවෙන් ඊයේ(21) පාන්දර 3.30 ට පමණ සුන්බුන් අතර තිබී ප්‍රේමලතා මහත්මියගේ දේහය සොයා ගත් බවත් මේ වන විට ඇයගේ මෘත දේහය බග්දා රෝහලේ තැන්පත් කර තිබෙන බවත් තානාපති ජයවීර මහතා ප්‍රකාශ කළේය.

මෘත දේහය හඳුනාගැනීම සඳහා මාර්ග ගතව ඥාතීන් සම්බන්ධ කරගත් බවත් අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ අවසන් තීරණය ප්‍රේමලතා මහත්මියගේ ඥාතීන් ගනු ඇති බවත් තානාපතිවරයා පැවසුවේය.

ප්‍රේමලතා මහත්මිය සමඟ ඇයට ලෙබනනයට පැමිණීමට අනුග්‍රාහකත්වය දැක්වූ කාන්තාවද මියගොස් ඇති බවත් එම කාන්තාව ප්‍රේමලතා මහත්මියට ඇයගේ නැගණියක් ලෙස සලකා කටයුතු කළ බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් තානාපති ජයවීර මහතා පැවසුවේය.

එසේම ගොඩනැගිල්ල කඩා වැටී ඇත්තේ සිදු වූ  ව්‍යුහාත්මක හානියක් නිසාවෙන් බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

ලෙබනන් කඩාවැටුණ ගෙඩනැගිල්ලේ සිරවූ ලංකික කත මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site