
(අමදෝරැ අමරජීව)
කන්තලේ ප්‍රදේශයේ ස්ථාන හතරක පිහිටි බුදු පිළිම ආවරණ කර ඇති විදුරුවලට හානි කළැයි කියන පුද්ගලයා ලබන නොවැම්බර් 03 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය.
මෙසේ බන්ධනාගාර ගතවුයේ කන්තලේ පේරාරැ පදිංචි නිෂාර්දීන් රපීස් (32) නැමැති අයයි.
කන්තලේ වෙළුන්නා රජමහා විහාරයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බුදු කුටිය, පෝටන් කාටුව හන්දිය බුදු කුටිය, රජඇල සීවලි විදුහල අසල ඇති බුදු කුටිය හා රජඇල , යුනිට් තුන බුුදු කුටිය යන බුදු මැදුරු ආවරණ විදුරුවලට යකඩ මිටියකින් හා ගල්වලින් ගසා හානි කර ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතා සැකකරු සමග ඉදිරිපත් කළ බී වාර්තාවෙන් කියවිණි.
කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයට ලද තොරතුරක් අනුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවිම මත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඩබ්.එල්.වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව නාට්‍ය... රටේ ප්‍රශ්න වහන්න රජය ගේමක්...!
මෙයාලට තියෙනවද අනිකුත් ආගම් විනාශ කරන්න...
කාගේ හරි උසිගැන්වීමකට රැවටුණු අහිංසක නූගතෙක් වෙන්න ඇති... මෙයාගේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා හොයන්න...
දේශපාලන හැත්ත නැවත නාට්‍යයක් පටන් ගන්නයි යන්නේ... බලු දේශපාලකයින් දන්නවා රට ජාතිය ආගම කිව්වාම රටේ ප්‍රශ්න අමතක කරන බව. රාජපක්ෂ වරුන්ටත් එයයි අවශ්‍ය, බලය ගත්තෙත් මේ විදිහටයි . මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !!
මානසික ලෙඩ්ඩු...!
මම කලින් කිව්වා හරි මෙයා Surah 9:5 කියවපු කෙනෙක්.