IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’ඊශ්‍රායලය-පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශ කරනු’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඊශ්‍රායලය, පලස්තීන යුද්ධයට කඩිනම්  සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පොදුජන පෙරමුණේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (20)පැවසීය.

සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණිකව මැදිහත් වන ලෙස පාර්ලිමේන්තුව  එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවද ගම්මන්පිල මහතා පැවසීය.

යුද ගැටුම මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දෙපාර්ශ්වයටම සහය පළ කිරීමට විවිධ රටවල් ඉදිරිපත් වීමෙන් ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක්  මතු වී ඇති හෙයින් ද දැනටමත් මෙම යුද ගැටුම හේතුවෙන් දහස් ගණනක් මියගොස් දස දහස් ගණනක් තුවාල වී ලක්ෂ ගණනක් අහිංසක ජනතාව අවතැන්  වී ඇති හෙයින් ද මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ගම්මන්පිල මහතා කීය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මේජර් සුදර්ශන  දෙනිපිටිය මහතා යෝජනාව ස්ථිර ක⁣ළේය.



අදහස් (9)

’’ඊශ්‍රායලය-පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශ කරනු’’

Rajun De Silva Friday, 20 October 2023 11:04 AM

සිරිමා 1962 දී ඉන්දු චීන යුද්ධය වෙලාවේ සටන් විරාමයක් යෝජනා කළවිට ඉන්දියාවත්, චීනයත් එයට ඇහුම්කන් දුන්නා. ඒ සිරිමාවෝ ට තිබූ සැලකිල්ලත් ඇය කෙරේ තිබූ විශ්වාසයත් නිසා. ඒකට දැන් ඉන්න ගොන් සිපයි සිරිමගේ ළඟින් තියන්න බෑ.

:       13       14

Veera Friday, 20 October 2023 11:30 AM

ඊශ්‍රායලය යුද්ධය නවතා, ආයුධ බිමතබා යටත් වෙයි ගම්මන්පිලට බයේ...!

:       1       12

රටවැසියා Friday, 20 October 2023 11:32 AM

අයියෝ මේ, කරුනාකරලා තමන්ගේ වැඩක් බලා ගන්නවද? රටේ මේච්චර ප්‍රශ්න තියෙද්දි නිකං ලෝකෙට විහිලු සපයන්න එපා!

:       0       12

pakeer Friday, 20 October 2023 11:33 AM

හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...!

:       0       11

Rata Perata Friday, 20 October 2023 12:33 PM

මේ වෙනුවෙන් රුපියල් 100 ගානේ එකතු කළොත් නරකද? අර ඕස්ට්‍රේලියන් මනුස්සයාගෙන් හොරකම් කළ සල්ලි ටික ආපහු දෙන්න හරි පුළුවන්නේ...!

:       0       8

බද්රානි Friday, 20 October 2023 03:40 PM

බල්ලෝ උඩු බුරලා යුද්ධ නවත්වන්න පුළුවන් නම්, කොච්චර දෙයක්ද..? ගොඩක් බල්ලෝ තමන්ගේ තරම නොදන්නා එක තමයි මේ හැම දේටම හේතුව...? අනික ඉතින්, ලෝක නායකයින් සුනඛ හඬ සතේකට මායිම් කරන්නේ නැහැ.

:       1       5

Isra Friday, 20 October 2023 06:11 PM

හා...

:       0       0

Perera Friday, 20 October 2023 08:35 PM

මේ වගේ අය නිසා තමයි ලංකාවට කෙළවෙලා තියෙන්නේ...!

:       0       2

ලප කුමාර අනුර Saturday, 21 October 2023 03:11 PM

ගෙම්බන්පිල වාගෙ ලප්‍යි සිපයි එකෙකුට පලස්තීනුවන් හෝ ඊශ්‍රායල් ජාතිකයන් කන් දෙන්න තරම් අනුවන නොවේ. ගෙම්බම්පිල සිතනවා ඇති එයා ලොකු කෙරුමෙක් කියා. ලංකාවේ වත් ගෙම්බන්පිල ට කන් නොදෙන එකේ . වෙන රටවල් කන් දෙයිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site