IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධිරාජ්‍යවාදීන් අද ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය මැදපෙරදිග දී වඩා දියුණු සහ උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය. 

පලස්තීන භූමිය යටත් විජිතයක් ලෙස  අත්විඳින ඛේදවාචකය හා සමාන තත්වයක් ලංකාව  සියවස් ගණනාවක් තිස්සේ පෘතුගීසී, ලන්දේසී මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අත්විඳි ආකාරය තම සිහියට නැගෙන බවද බාකීර් මාකර් මහතා කීය.

එදා ලාංකික  නිදහස වෙනුවෙන් විමුක්ති අරගල කරමින් නැගී සිටි වීර කැප්පෙට්ටිපොළ, පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, වාරියපොල හිමි, කුඩාපොල හිමි ඇතුළු විවිධ යුගවල නිදහස වෙනුවෙන් ජීවිත දුන් නිදහස් අරගලයේ වීරවරයන් තම මතකයට එන බවද බාකීර් මාකාර් මහතා සඳහන් කළේය.

එදා ඔවුන්ටත් ”ත්‍රස්තවාදී” හංවඩුව ගසමින් අධිරාජ්‍යවාදීන් ම්ලේච්ඡ මර්දනයක් ක්‍රියාත්මක කළ බව කී බාකීර් මාකර් මහතා ඒ ”ත්‍රස්තවාදී” යන විශේෂණ පදය මහත්මා ගාන්ධිගේත්, මන්ඩෙලාගේත්, යාසර් අරෆාත්ගේත් නම් වලට ඉදිරියෙන් යෙදීමට එදා යුගයේත් අධිරාජ්‍යවාදී බලවේග කටයුතු කළ බව කීය.

ඊශ්‍රායල, පලස්තීන යුද ගැටුමට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි  ඉල්ලමින් පැවැති සභාව කල්තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.



අදහස් (7)

පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා

de silva Friday, 20 October 2023 02:43 PM

ඔබතුමාගේ අදහස් මමත් 100% අනුමත කරමි

:       42       182

A Ceylonese Friday, 20 October 2023 03:13 PM

බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාවේ සිටි මිනිසුන් දැන් දූෂිත ශ්‍රී ලංකා දේශපාලකයන් යටතේ සිටි තත්ත්වයට වඩා බොහෝ යහපත් තත්ත්වයක සිටියහ. විදුලිය, පෙට්‍රල්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දිනපතා ඉහළ ගියේ නැත. දැන් තරම් දූෂණ අපරාධ තිබුණේ නැහැ.

:       131       10

Bamunuarachchi Saturday, 21 October 2023 06:03 AM

මැට්ටෝ මොන ඉස්කෝලේද ගියේ? සුද්දගේ කාලේ හිටපු ජනගහනය නොවෙයි දැන් ඉන්නේ. තුම්සේ තාම ඉන්නේ Ceylon එකේ අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. 1971 Ceylon එකේ තිබුණු කර්මාන්ත විනාශ කළා. 1977 දීත් රට විනාශ කලා.

:       1       0

charith Friday, 20 October 2023 03:29 PM

ඔක්කොම පටලගෙන... මෙතැන තියෙන්නේ රජකාලේ දෙයක් නෙමේ, මුලු ලොකේම වසාගෙන යන මුස්ලිම් ත්‍රස්තවාදයට බැටේ දෙන වැඩක්. මෙතුමා අපේ පාස්කු ගහපු වෙලේ හොටු පෙරාගෙන ඇඬුවා.. අපේ ළමයි දන්නේ නෑ. වෙන පූජකයෙක්ට ගරු කරන්නවත් කියකියා. ඒවාට ගත්තු ක්‍රියාමාර්ග මොනවද දන්නේ නෑ...

:       3       59

de silva Friday, 20 October 2023 04:09 PM

අපිත් කොටි ත්‍රස්තවාදීන් කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කල කියල , උඩින් ගොස් මුළු උතුරම වැනසෙන ආකාරයට බෝම්බ දැමීමක් නොකළෙමු , එසේ කල නම් අදත් අපට යුධ කරමින් සිටීමට සිදුවෙන බව සදහන් කල යුතුය , අපේ හමුදා ඉතා පරිස්සෙමින් අවරුදු 3 පුර සිවිල් වැසියන් බෙර ගනිමින් ත්‍රස්තවාදීන් සමග යුධ කර උතුර බෙර ගත්ත නිසා සිවිල් වැසියන් හමුදාව සමග එකට සිට ගත්තේය , අපට ස්ථිරසාර සාමයක් උදවිය , ඉශ්‍රලය මේ කරන විනාශය නිසා තම ගේදොර , පවුලේ සාමාජිකයන් අහිමිවන පලස්තීන ජාතිකයන් , අනාගතයේදී බුරුතු පිටින් ඉශ්‍රලයට විරුධව සටන් කිරීමට පෙළබිම අනිවාර්යයෙන් සිදු වේවි ,

:       3       87

සමන් Friday, 20 October 2023 05:55 PM

ම්ලේච්ඡ මිනීමරු මුස්ලිම් ආගමක් කරපින්නාගත් හමාස් වැනි ත්‍රස්තවාදීන්ට වීර කැප්පෙටිපොළ, පුරන්අප්පු, වාරියපොල හිමි වැනි දෑ හිතකාමීන් සමාන කරන්න තරම් හිඟන්නෙක් වෙන්න එපා උන්නැහැ... එක්කෝ අරාබියටම යන්න...!

:       0       0

Bamunuarachchi Friday, 20 October 2023 09:24 PM

මේ ගොයියා ඔය කියන්නේ LTTE ත්‍රස්තයෝ හා හමාස් නැතිනම් ඉස්ලාමීය ත්‍රස්තයින් නිසා ජනතාවට වෙච්චි දුක ගැන වෙන්න ඇති...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 150 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site