(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී පනත අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරිනියකට උසස්වීම් අල්ලසක්දී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
අධිකරණයට යෑම සම්බන්ධයෙන් කෘතගුණ සැලකීමට මෙම අල්ලස ලබාදී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කොමිසමේ සෙසු නිලධාරීන් කලකිරීමට පත්ව සිටින බවද සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
කොමිසමේ අයගෙන් ඒ පිළිබඳව පැමිණිලි ලැබී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මම අවතක්සේරු කළේ නැහැ. කිසිදිනක එය කරන්නෙත් නැහැ. අල්ලස් කොමිසමට සාමාජිකයන් පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පවරලා තියෙන්නේ විසි එක් වැනි සංශෝධනය. දූෂණ මර්දන පනතේ වරදක් සිදුවී ඇති බව පිළිගන්නවා. පරිවර්තනය කිරීමේ දී දෝෂයක් ඇතිවෙලා තිබෙනවා. මම මේක නිවැරදි කරන්න කැබිනට් පත්‍රිකාව පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒක අනුමත කළා. මම ගෙවල් වටලන්න කිව්වේ නැහැ.
අල්ලස් කොමිසම මේ රටේ දූෂණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. දූෂණය වළක්වන්න පාර්ලිමේන්තුවට බැහැ. ඒ කොමිසම හරියට වැඩ කළේ නැති නිසා මිනිස්සු පළිගත්තේ අපෙන්. අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ එක්තරා නිලධාරිනියක් දූෂණ විරෝධී පනත අභියෝගයට ලක් කරලා උසාවියට ගියා. ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය එකට තරහක් වෛරයක් නැහැ. මොකද මේ රටේ ඕනෑම පුරවැසියකුට එහෙම කරන්න අයිතිය තියෙනවා. අපි මේ ගැන කතා කළාම දේශපාලනඥයෝ ස්වාධීන කොමිෂන් සභාවලට බලපෑම් කරනවා කියලා කියනවා. ඔය කොමිසමේ අය ව්‍යවස්ථා සභාවේ අයටත් තර්ජනාත්මක ලිපි එව්වා.කොමිසමේ සාමාජිකයන් තිදෙනා ඔබතුමාලට එවපු ලිපිය තර්ජනාත්මක එකක්. ඒ අයට එහෙම කරන්න පුලුවන්ද. දැන් ඒ අය වැඩ බලන අය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මම දොස් කියන්නේ නැහැ. මොකද ඒක හදන්න මුල් වුණු කෙනෙක් මම.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන මගේ තිබෙන ගෞරවය වෙනසක් නෑ
2025 දෙසැම්බර් මස 18
150
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් කොමිසමෙන් ගත් අල්ලසක් ගැන විජයදාස හෙළි කරයි
සමන් Friday, 20 October 2023 06:45 PM
මට නම් මේ කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නැහැ...