IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශපාලන අරමුණකින් තොරව ලංකාවට සහය දෙනවා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව  චීන මහජන සමූහාණ්ඩුව සහාය දෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවද චීන ජනාධිපතිවරයා කීය.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (20) පෙරවරුවේ චීන මහජන මහ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහද කථාබහකින් අනතුරුව රාජ්‍ය නායකයෝ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක් වූහ.



අදහස් (5)

දේශපාලන අරමුණකින් තොරව ලංකාවට සහය දෙනවා

monaragala Friday, 20 October 2023 04:08 PM

චීන ජනාධිපති සඳහන් කලේ පොර්ට් සිටි කියල. ඕකට වෙන නමක් දාල තිබුන ලඟදි. චීන කාලෙකට පස්සේ හිතවත් කම පෙන්නපු වෙලාවක් මේක. මේක අන්තිම චාන්ස් එක වෙන්න පුළුවන්. ඒක සලකල පරණ නමම භාවිත කරන්න.

:       0       6

PereraSaturday, 21 October 2023 09:43 AM

චයිනා ටවුන් කියලා නම දාමු...

:       0       2

lakkana Friday, 20 October 2023 07:34 PM

මිට මාස කිහිපයකට ඉහත ඉන්දියාවේදී ගත්ත රනිල් මෝඩි පින්තුරය මතක ඇති. රනිල්ගේ ශරීරය එක පැත්තකට. අත තව පැත්තකට. ඔලුව වෙනම පැත්තක. වට තුන් කාලක් විතර ඇඹරිලා. මෝඩි පොර වගේ ඉන්නවා. මේ පින්තූරේ බලන්න. රනිල් රාජ්‍ය නායකයෙකුට ගැලපෙන විදියට මන පෞර්ෂයකින් එහෙත් සැහැල්ලුවෙන් ඉන්නවා. ලෝකෙට ලොක්කෙක් වෙන්න පුළුවන් උනත් චීන ජනාධිපති ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙකුටත් වඩා නිහතමානිව ඉන්නවා. මේ වෙනසඅපි වගේ කුඩා රටකට අවශ්‍යයි. ඉන්දියාව වගේ හාමු - දාස සම්බන්ධය ඉතාම අහිතකරයි රටක අභිමානයට. ඕන දෙයක් කතා කරලා බේර ගන්න පුළුවන් චීනය රුසියාව වගේ රටවල් එක්ක. සමාන ගරුත්වයකින් අපට සලකන්නෙ.

:       0       1

Rata Perata Friday, 20 October 2023 07:36 PM

මොනවා උනත් කමක් නෑ චීන ජනාධිපතිතුමා කියන විදියට වැඩ ටික කරගෙන යමු .අයි.එම්.එෆ් එකේ කීකරු සේවකයා උන රනිල් ට මේක එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ .එහෙනම් රනිලෝ අපේ චීන ජනාධිපතිතුමා සතුටින් තියන්න

:       1       0

de silva Friday, 20 October 2023 07:54 PM

දේශපාලන අරමුණු වලින් තොර උදවු ?කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියපන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site