
(වසන්ත චන්ද්රපාල)
අම්පාර දිසාපති චින්තක අබේවික්රම මහතා අද 19 පෙරවරුවේ කල්මුනේ ප්ර දේශයේ ක්ෂේත්ර චාරිකාවක් යොදා ගෙන තිබු අතර ඔහු කල්මුනේ උතුර ප්රා දේශීය උප ලේකම් කාර්යාලයට ගිය අවස්ථාවේ ගම්වැසියෝ ප්රා දේශීය ලේකම් කාර්යාලය වටලා කල්මුනේ උතුර ප්රා දේශීය ලේකම් කාර්යාලය නීතියානුකුල කර දෙන ලෙස ඉල්ලිමක් කළහ.
ප්රා දේශීය ලේකම් කාර්යාලයට පැමිනි ජනතාව වහාම මෙයට විසදුමක් දෙන ලෙස දිසාපතිවරයාගෙන් දැඩිව ඉල්ලිමක් කලේය.
දැන කල්මුනේ උතුර ප්රා දේශීය ලේකම් කාර්යාලය පවත්වා ගෙන ගියත් එය උප කාර්යාලයක් ලෙස නිසා තමන්ට නිසි අයුරින් සේවාව නොලැබෙන බව පැමිනි ගම්වැසියෝ සදහන් කළහ.
දැනට මෙම ප්රා දේශීය ලේකම් කාර්යාලයට ගණකාධිවරයෙක් නැති අතර මුදල් පාලනය සියල්ල කල්මුනේ ප්රා දේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකරයි.එම කාර්යාලයෙන් වගුරු බිම් ගොඩ කරමින් කටයුතු කරන බවද ජනතාව අද දිසාපතිවරයාට කරුණු ඉදිරිපත් කරනු ලැබිය.
එසේ කටයුතු කිරීමේදි දමිල ජනතාව වාසය කරන ප්ර දේශවලට අසාධාරණයක් සිදුවෙන අතර සම්පත් බෙදී යෑමේ අසාධාරණයක්ද සිදුවෙන නිසා කඩිනමින් ඉතිරි පුරප්පාඩු පුරවා නියම ප්රා ෙදශීය ලේකම් කාර්යාලයක් බවට කල්මුන උතුර ප්රා දේශීය ලේකම් කාර්යාලය පත්කරන ලෙසටද ගම්වැසියෝ මෙහිදි ඉල්ලිමක් කළහ.
කෙසේ වෙතත් පැමිනි ජනතාවට සාධාරණ පිලිතුරක් ලැබෙනතුරු දිසාපතිවරයාට පැය තුනක කාලයක් කල්මුන උතුර ප්රා දේශීය ලේකම් කාර්යාලය තුල රුදි සිටිමට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කියන්නේ තමන්ගේ ජාතියට එහෙ අනික් ප්රධාන ජාතියෙන් සිදුවන අකටයුතුකම් ගැන. හැබැයි කවුරු හරි එහෙ සුලු ජාතිය වන සිංහලයින් ගැන කතා කළොත් ඒක ජාතිවාදය, අපේම සමහර අමන සිංහලයින්ටම...!
අර හාමුදුරුවන්ට ගමට යන්න දුන්නේ නැති ආරක්ෂක අංශ මෙතන නැත්තේ ඇයි? පේනවා නේද රටේ නීතිය දෙවිදියකට කියලා...