
(නිමල් ජයරත්න)
මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට 19 වෙනිදා මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග ඊට ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන් නාහිමියන් කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති වූහ.
මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්‍යයන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මඩකලපුව දිවුලපතාන ප්‍රදේශයට අම්පිටියේ සුමනරතන නාහිමියන්ට යෑමට අවසර ලබානොදෙන ලෙසට කළ ප්‍රකාශයත් සමඟ උන්වහන්සේ එම ගම්මානයට ඇතුළත්වීමට කටයුතු කිරීමත් සමඟ මෙම උණුසුම් කාරී තත්වය හටගත්තේය.
අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ පිරිසක් දිවුලපතාන ගම්මානයට පිවිසෙන වලමණ්ඩිය යුදහමුදා කදවුර ආසන්නයේ ශ්‍රි ලංකා පොලීසිය සහ යුදහමුදාවෙ 300 ක් පමණ ඒකරාශී වීමෙන් එම ගමට යෑමට ඉඩ නොදීමත් සමග සුමනරතන නාහිමියන් සහ කරදියනාරු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතා සමඟ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
පසුව සුමනරතන නාහිමියන් විශාල පරිශ්‍රමයක් යොදා දිවුලපතාන ගම්මානයට ගොස් එම පවුල්වලට ගම්මානයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටියහ.
දිවුලපතාන ගම්වාසීන් විසින් බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාව ආරක්ෂක අංශයේ යම් නිලධාරීන් පිරිසක් පළාතේ දෙමල මන්ත්‍රීවරුන්ගේ උවමනාවට සහ රජයේ උවමනාවකට මෙයින් ඉවත් කර ඇති බවට තමා විශ්වාස පළ කරන බවද නාහිමියෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ සිද්දවෙන්නෙ. මේ රට අයිති ශ්‍රීලාංකිකයින්ට මිස කිසියම් ජාතියකට ආගමකට නොවන බව කවුරු කවුරුත් තේරුම් ගෙන කටයුතු කලයුතු කාලය පැමිණ ඇත.
රටේ සම්පත් විකුණාගෙන යන්නේ ,ඒවාට කතා නැහැ .පිලිමයක් තියාගෙන ජාති වාදය අවුස්සලා ඔය චන්දෙට සපෝට් එකට දෙන්න බලන්නේ අන්තිමට වෙන්නේ ඊශ්‍රායලය පලස්තීනය අල්ල ගත්තා වගේ ,චයිනා ,ඉන්දියා ට අපි මැද වෙලා වහල්ලු වෙන එක විතරයි
හාමුදුරු කෙනෙකුට ගමකට යන්නත් දෙමල මන්ත්‍රීවරුන්ගෙන් අවසර ගන්න ඕනද ?තව පොලිස් බලතලත් දෙමු නේද ?
රනියගේ වැඩක්
අපේ හාමුදුරුවන් සටන අත් හරින්න එපා. ඔය පාදඩ අරගල කාරයින්ගේ කෙරුවාවේ ප්‍රතිපල. ඝෝඨාභය මහතා බලයේ සිටියානම් මඩකලපුව හම්බ රාජධානියක් වෙන්නේ නැහැ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කෙනෙකුට රටේ ඕනෑ තැනක වාසයට තියෙන හිමිකම් දේශපාලුවන්ගේ අවශ්‍යතාව සඳහා ආරක්ෂක අංශය අහිමි කරලා තියෙනවා කියන්න පුළුවන්ද? නැවතත් ජාති හා ආගම් භේද හදන්න එපා ඒවා නවතන්න...
සිංහල මෝඩ මිනිස්සු නැගිට්ටවලා සිංහල නායකයකුට ඡන්ද අරන් දෙන්න ගොඩාක් කල් ඉඳලා try කරනවා. වැඩේ හරි යන්නේ නෑ....!
සුළුජාතික ඡන්දවලට ආගමත්, සිංහලයින්ගේ උරුමයත් පාවාදෙනවා.
යුද්ධයක් නැතිව ඊලාම් පිහිටුවන නවතම ක්‍රමය මේක... අපේ ආරක්ෂක අංශ මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ...
ලබන ඡන්දෙන් පරදින නිසා ආයෙත් ජාතිවාදේ අවුස්සලා ගොඩයන්න පුළුවන්ද කියලා බලන්නේ ඔය...? මේ හාමුදුරුවන්ව අවුස්සන්න ආණ්ඩුවෙන් කරපු වැඩක් ඔය බුදුපිළිමේ උස්සපු එක...!
අපේ හාමුදුරු කෙනෙක් රට ඇතුලත යන එන තැන් තීරණය කරන්නේ දෙමල්ලුද?