(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල්- පලස්තීන යුද ගැටුම නතර කර කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමේ යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය හෙට (20) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද (19) තීරණය කළේය.
එසේම එම යුද ගැටුම සමනය කිරීම සඳහා සාමකාමී විසදුමකට ක්ෂණික මැදිහත්වීමක් සිදු කරන ලෙසද එම යෝජනාවෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විසිනි.
විවාදය අද (19) උදේ 9.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (19) පෙරවරුවේ රැස්විය.
මේ අතර පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීමට නියමිත යෝජනාව මීළඟ පාර්ලිමේන්තු සතියේ විවාදයට ගැනීම සම්බන්ධයෙන් ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ශාමි... රටේ ප්‍රශ්න නැතිනම් හොඳයි.
අනුර කුමාරට විසඳුමක් දෙන්න පුළුවන්... සියලුම ප්‍රශ්නවලට විසඳුම් එයා ළඟ තියෙනවා.
මේ පිස්සු හුටන්ලා මොනවාද මේ කරන්නේ ? පු* කසාගන්න නියපොත්තක්වත් නැතිව ලොකු ලොකු වැඩ තමයි කරන්න හදන්නේ.මෝඩයෝ ලංකාව කියලා දුපතක් තියෙනවාද කියලාවත් නොදන්නා උන් උඹලගේ යෝජනාව සලකා බලයි හොඳමයි කියලා.
අපරාදේ අපේ සල්ලි නාස්ති කරනවා... මොවුන් ටික..!
ඔයාලා කරන දුෂණය ගැන හොයන්න කියලත් ඒ ගමන්ම එයාලාගෙන් ඉල්ලීමක් කරන්න