(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි එම අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් බිලියන 80 කට ආසන්න මුදලක් ලෝකයටම රට ණය කරලා, තවදුරටත් ලෝකය හතර වටේ හිගා කමින් කීයක් හෝ ඉල්ලා ගෙන ඒක මහ ලොකු ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන්න හදන මුන් නම් පාලකයෝ වෙන්න බැහැ.
පළවෙනි එකට වෙච්චි දේ දැනගන්න පුලුවන්ද?
අරවින්ද මොනරවිල, උන්නැහේ ඔහේගේ කුහකකම ඔන්න දෝරේ ගලනවා. මෙම ණය මුදල නොලැබෙන කන් බලාගෙන හිටපු කුහක දේශපාලුවන්ට නම් කියන්න දාහක් දේවල් ඇති අයි එම් එෆ් එකෙන් ණය අනුමත කරගැනීම පිළිබඳව ජාතියක් හැටියට සතුටු වියයුතුයි. නමුත් එය පාරවල් දිගේ සමරන්න වගේ මෝඩ චුන් වැඩ නොකරන්න තරම් පරිනත වීමටත් අපි වගබලාගතයුතුයි. අපි දැන් ඉන්නේ වලක නිසා වලට ඇදලා දාපු අයට බැන බැන ඉන්නවාද මේකෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් හදනවාද කියන කරුණු දෙකෙන් මේ වෙලාවේ වැදගත් වෙන්නේ මොකක්ද කියා පක්ෂවලට කඩේ නොයන අය තේරුම් ගනීවි.
ඇත්තටම මේ ලෝකේ එවුන්ට පිස්සුද .මේ තරම් ණය දෙන්න .නැත්නම් උන්ගේ කපටි කම සහ අපේ දෙස පාලුවන්ගේ පෙරේත කමයි හිඟන ගතියයි ,කම්මැලි කමයි එකතු වෙලා එන පටිපාටියක්ද මේක
එකක් මතක තියාගන්න .අයි.එම්.එෆ් කියන්නේ චීන පොලී කාරයාගේ මල්ලි වගේ .ඒක හදපු දවසේ ඉඳලා ණය දීලා දියුණු උන කිසිම රටක් නෑ ලෝකේ .මොකද සියලු තත්ත්ව පරීක්ෂා කරන්නේ නැතුව ණය දෙනවා