(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බුලත් විට කඩයක් වත් නැති මන්ත්‍රීවරුන් ගෙනුත් රුපියල් දෙලක්ෂ විසිදාහකටත් එහා ගණනක් අවුරුද්දකට බද්දට කැපී යන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය.
තමාටත් බුලත් බුලත් විට කඩයක් වත් නැතැයි කී ගුණතිලක රාජපක්ෂ මහතා මහා පරිමාණ දේවල් තිබෙන මන්ත්‍රීවරුන් ද සිටින බව කීය.
ඉස්සර සිටි මන්ත්‍රීවරුන් වගේ නොව වර්තමානයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දේ අහිමි වූ මන්ත්‍රී පිරිසක් බවද රාජපක්ෂ මහතා පැවසීය.
ජනතාවට අසීරු මොහොතක මන්ත්‍රීවරුන්ද කැපවීම් කළ යුතු බව පිළිගන්නේ යැයි කී මන්ත්‍රීවරයා කෝටි ගණන් මිලියන ගණන් හොයන අධ්‍යාපන ආයතන මෙන්ම වෛද්‍යවරුන් සිටින බවත් මේවා ගැන හරි නියාමනයක් නොමැති බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙට පඩියට අමතරව බුලත් විට නොවෙයි සුරුට්ටු කඩයක් තිබුණත් ඒකටත් බදු ගහනවා. ඒකයි බදු ක්‍රමය. කැනඩාවේ මිනී හෝදන්න ජොබ් තිබෙනවා. ඔහේ ඒකට ආවත් ගන්න වැටුපට බදු ගහනවා. IMF එක ඔහෙලා වගේ ගොයියන්ට බදු ක්‍රමය පුරුදු කරපු එක ගැන ස්තුති වෙනවා. මෙපමණ කලක් තුම්සේලා ගෙවන්න ඕන බදු ගෙව්වේ පාන් ගෙඩියෙන්... සීනි ටිකෙන්, කිරිපිටි ටිකෙන් දුප්පත් ජනතාව...
මන්ත්‍රීතුමා කියනදේ සහතික ඇත්ත. මොකද ඇස්වැසීම ආදායම් තියෙන අයට දෙනවා ,නැති අයට නැහැ .මම මෑතකදී දැක්කා තමන්ගෙ නමට ගෙදර වාහනයක් තියෙනවා. රබර් අක්කර දෙකක් තියෙනවා, තේ තියෙනවා. ඒත් සමුර්ධි ලැබෙනවා .ගන්න තියෙන්නෙ නාදුනන ජනතාව ඉන්න දම්මුල්ල කියන ගමට ගිහිල්ලා තමයි. තවත් පිරිසක් ඉන්නවා ලක්ෂ ගණනක් ආදායම් ලබාගෙන සතයක්වත් බැංකුවේ දාන්නෙ නැහැ .හරියට කන්නෙ බොන්නෙ නැහැ. අදින්නෙ නැහැ, ගෙවල් කපරාරු කරන්නෙ නැහැ .ඒත් සමුර්ධි නැත්නම් අස්වැසුම දෙනවා. මෙහෙම රට හදන්න පුළුවන්ද මංත්‍රිතුමා .ඇත්ත කියලා ඔහේගෙ මන්ත්‍රී කම නැතිවේවි, සාමූහිකත්වය කැඩුවා කියලා
පුදුමයි... නම රාජපක්ෂ වෙලත් දුප්පත් කියන්නේ... මැදමූලන සම්බන්ධතා නැතිද?
දේෂපාලනය කියන්නෙ සේවයක් මිස බඩ ගෝස්තරේ හොයාගන්න රස්සාව නේවි, මහා පරිමාන හොරු රැලෙ මෙ පාර ගෙදර සද් භාවයෙන් දේශපාලනය කරන පිරිස ඉතු වේ
එතකොට එයාල ඉන්නෙ දේශපාලනය කරන්න නෙවෙයිද බුලත් විට විකුනන්නද
ඉතින් අමාරුවෙන් ඉන්නේ ඕකටද .කවුරුත් ඔය බලෙන් තියාගන්නේ නෑ නේද .ඔය තරම් දුකක් නම් අයින් වෙන්නකෝ .අයින් වෙලා බුලත් විට කඩයක් දාගන්න
බුලත් විට විකුණන එක නම්බුයි .ඔතන ඉන්නවට වැඩිය
ශේ මන්ත්‍රිතුමා ඔයාලා පත්කර ගත්තු ලොක්කා එලෙව්වා තමයි ඉතින්... දැන් ඔයේලාට සැප තමා.. ඉතින් මොනවා කරන්නද අප්පා?