ඉන්දියාවේ පාලමක් කඩා වැටී 17ක් මරුට ඉන්දියාවේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ. 23 August 2023
රටපුරා ලක්ෂ තුනකට බොන්න වතුරත් නෑ දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව දිස්ත්‍රික්ක 18 ක පවුල් 81162කට අයත් 280247 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 23 August 2023
රන්දෙණිගල, මාඋස්සකැලේ , කාසල්රී ලෙල්ලටම හිඳිලා දිවයිනටම බලපා ඇති දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට රන්දෙණිගල, මාඋස්සකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළ බැස ඇතැයි ජලාශ බාර නිලධාරිහු පවසති. 23 August 2023
මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක් දුම්රිය විදුලි කාර්මිකයන් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 23 August 2023
අලි කලබලයට හේතුව එළියට මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අලි කලබලයට හේතුව කුඩා ලමයකු පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි. 23 August 2023
දරුවන් නැති නංගිට අක්කා දුන් තෑග්ග දරු පල නොමැති තම බාල සොහොයුරියට බද්ධ කිරීම සඳහා වැඩිමහල් සොයුරිය ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කළ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබේ. 23 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳට ගොඩබසී ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩබෑවේය. ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබුණි. 23 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබානවා සජීවීව නරඹන්න ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ වෙයි. 23 August 2023
අලුතින් ගුරුවරු අටදාහක් ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය. 23 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳට යන්න සූදානම් ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය පස්වරු 6.04 ට සඳට ගොඩබෑම ආරම්භ කරනු ඇත. 23 August 2023
ප්ලාස්ටික් භාණ්ඩ 9 ක් තහනම් කරයි වරක් පමණක් භාවිතා කරන ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක් ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට මෙරට නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 23 August 2023
දුම්රිය ආරක්ෂක නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කළ 2ක් අල්ලයි ගාල්ලේ සිට කොළඹ කොටුව බලා උදෑසන ධාවනය වූ සමුද්‍ර දේවි කාර්යාල දුම්රියේමගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාකිරීමට ගිය දුම්රිය ආරක්ෂක හමුදාවේ කාන්තා නිලධාරිනියන් හතරදෙනෙකු මැදිරියක්තු ළ සිරකරගෙනඔවුන්ගේ නිල ඇඳුමෙන් ඇදරාජකාරියට බාධා කර අඩන්තේට්ටම් කළේ යැයි කියන තරුණයින් පිරිසක්බ ම්බලපිටිය දුම්රිය ස්ථානයේදී දුම්රි ය දුම්රියෙන් බැස පලා යද්දී එයින් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 23 August 2023
රටපුරා නිර්වින්දන වායු ඖෂධවල හිඟයක් රෝගීන්ට ශල්‍යකර්ම සිදුකිරීමට පෙර නිර්වින්දනය කිරීමට භාවිතා කරන නිර්වින්දන වායු ඔෟෂධ රටපුරා රෝහල්වල හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. 23 August 2023
අල්ලස්ගත් සැරයන්ට-පීසී ට වැඩ වරදී නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 23 August 2023
ගාල්ල බන්ධනාගාරයට යොමුකිරීම් අඟුණුකොළපැලැස්සට මාරු කරයි අධිකරණයෙන් ගාල්ල බන්ධනාගාරයට යොමුකරන රැදවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 August 2023
හොර මද්‍යසාර ස්ටිකර් රස පරීක්ෂකට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොයා ගත් ව්‍යජ මද්‍යසාර ස්ටිකර් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 August 2023
අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23)වෙත අක්ත පත්‍ර බාර දුන්හ. 23 August 2023
‘නීතී විද්‍යාල ප්‍රවේශ ගාස්තු වෙනස් කරන්න’ නීති විද්‍යාලයට ප්රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු වහාම අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය. 23 August 2023
ජූලි මාසයේ සුබසාධන දීමනා සිකුරාදා සිට ගෙවනවා වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ගෙවීමට රුපියල් කෝටි 268 කට අධික මුදලක් (මිලියන 2,684) මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය යොමුකර ඇති බවත් එම මුදලින් ජුලි මාසයේ අදාල ගෙවීම් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 23 August 2023
රඹපොකුණ තේක්ක වගාව ගින්නෙන් වැනසෙයි නිකවැරටිය, කන්දේගෙදර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රඹපොකුණ තේක්ක වත්තට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් අක්කර 20 ක් පමණ විනාශ වී ඇතැයි වන නිලධාරීහු කියති. 23 August 2023
අලි කුලප්පු වෙන්න හේතුව හෙලි කරයි සොබාදහම පවා ආණ්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්තිය අනුමත කරන්නේ නැතැයි ද නියඟය ඇති වන්නේත් අලි කුලප්පු වන්නේත් ඒ නිසා යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 August 2023
අපි ගිනි කන්දක් උඩ සොසේජස් කන ජාතියක් ’’අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 August 2023
මවගේ-සිඟිත්තියගේ සිරුරැ වැවේ අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසිය. 23 August 2023
මුලසුනට තර්ජනය කළ නලින්-වසන්ත මැතිසබෙන් එළියට මුලසුන අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. 23 August 2023
කොරෝනා නිසා නැවතුන වැඩ 24ක් අරඹයි කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලීකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 23 August 2023
අඹෙිවෙල ගොවි පොලේ පිට අයට මැණික් ගැරීම නවත්වයි බාහිර පුද්ගලයින් විසින් අඹේවෙල කිරි ගොවිපොළ භූමියේ සිදු කරන අනවසර මැණික් ගැරීම වහා නැවැත්වීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය. 23 August 2023
මැතිසබේ විනාඩි 10කට කල්තබයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මුලසුන අසලට පැමිණ ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා කෑකෝ ගැසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය. 23 August 2023
අඩි 900 උඩ සිරවූ සිසුන් බේරාගත් මෙහෙයුම පාකිස්තානයේ උතුරු කිබර් පක්තුන්ක්වා පළාතේ කඳුකර ප්‍රදේශයක අඩි 900 පමණ උඩ කේබල් කාරයක සිරවී සිටි ළමුන් 6 දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු සාර්ථකව බේරා ගැනීමට එරට හමුදාවට හැකි විය. 23 August 2023
කිලිනොච්චියෙ ළිදකින් පුපුරණද්‍රව්‍ය හමුවෙයි කිලිනොච්චිය,පලෙයි,ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(23) සොයාගත් පලෙයි පොලිසිය පවසයි. 23 August 2023
බලන් වැරහැලි මහවැලි කුමරී දිවයිනට බලපා ඇති නියං තත්ත්වය නිසා දිවයිනේ වැව් අමුණු මෙන්ම ඇළ දොළද සිඳී ගොසිනි. මෙම තත්ත්වය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට බලපා ඇත. 23 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026