(රංජන් කස්තුරි) 

සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමේදී අවිධිමත් නීත්‍යානුකූල නොවන විභාගයකින් ඔවුන්ට පත්වීම් ලබා දී ඇති බවට හෙළිදරව් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවා කොමිසමත් එහි අභියාචනා විනිශ්චය අධිකාරියකත් මෙම විභාගය අනීතික බවට ප්‍රකාශයට පත් කර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන් නිලධාරීන් පවා මෙම සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ඇති බවත් රහුමාන් මහතා කීය

අවිධිමත් නීත්‍යානුකූල නොවන විභාගයකින් සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන් ප්ත් කිරීම හේතුවෙන් බඳු අය කර ගැනීම බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු එහි  කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය

මෙම ගැටලුව වහාම විසඳන ලෙස  මුදල් අමාත්‍යාංශයෙන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද  රහුමාන්  මහතා කීය.